මෙරට ප්‍රධාන සරසවියක් පෙර දැනුම් දීමකින් තොරව වසා දමයි ...
Gagana news
Jaffna campus
By Subodha
යාපනය විශ්ව විද්‍යාලයේ සියලුම පීඨයන් හි අධ්‍යන කටයුතු අද (04) සිට නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට පියවරගත් බව යාපනය විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය පවසයි.
ඒ අනුව වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුන්ට පමණක් විභාග සහ අධ්‍යන කටයුතු වල නිරතවීමට හැකිය.
නේවාසිකාගාරවල රැදී සිටින අනෙකුත් සිසුන්ට නිවෙස්වලට යන ලෙස දැනුම්දී ඇති බව ද විශ්ව විද්‍යාල පාලනධිකාරිය කියයි.
යාපනය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සී.සිරිසරගුණරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව රටේ වත්මන් තත්වය හමුවේ මෙම තීරණය ගත් බවද විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |