ආසියාවේ හොඳම වෙරළ තීරය ශ්‍රී ලංකාවෙන්

Sri Lanka Tourism Economy of Sri Lanka Latest Headlines Arugam Bay Sinhala news
By R.rishma Oct 15, 2026 08:19 AM GMT
Report

ශ්‍රී ලංකාවේ සුන්දර ආරුගම්බේ වෙරළ තීරය 2026 වසර සඳහා ආසියාවේ ආකර්ෂණීයම වෙරළ තීරයන් අතර ප්‍රමුඛ ස්ථානයට පත්ව ඇති බව වාර්තා වේ.

Condé Nast Traveller Readers’ Choice සමීක්ෂණ වාර්තාව උපුටා දක්වමින් පළ වූ වාර්තාවලට අනුව, සර්ෆින් ක්‍රීඩාව සඳහා ලොව ප්‍රසිද්ධ ගමනාන්තයක් ලෙස ආරුගම්බේට හිමි කීර්තිය මෙම ඇගයීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.

මෙම ජාත්‍යන්තර ඇගයීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් වෙරළ තීරයන් තුනක් ද ආසියාවේ ආකර්ෂණීයම වෙරළ තීරයන් 20 අතරට එක්වීම විශේෂත්වයකි.

ඒ අනුව ශ්‍රේණිගත කිරීමේ සඳහන් වන ශ්‍රී ලාංකික වෙරළ තීරයන් සහ ඒවාට හිමි ස්ථාන මෙසේය.

🏄 ආරුගම්බේ වෙරළ තීරය – පළමු ස්ථානය

🌴 බෙන්තොට වෙරළ තීරය – නවවන ස්ථානය

🌊 තංගල්ල වෙරළ තීරය – 14 වන ස්ථානය

🏖️ මීගමුව වෙරළ තීරය – 19 වන ස්ථානය   

විශේෂයෙන්ම සර්ෆින් ක්‍රීඩාවට සුදුසු රළ සහිත ආරුගම්බේ වෙරළ තීරය දේශීය හා විදේශීය සංචාරකයන් අතර ජනප්‍රියත්වයක් දිනාගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ වෙරළ තීරයන් හතරක් මෙලෙස ආසියාවේ ජනප්‍රිය වෙරළ ගමනාන්ත අතරට එක්වීම මෙරට සංචාරක කර්මාන්තය සඳහා ද වැදගත් ප්‍රවර්ධන අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.