හෘදයාබාධ ඇති වීමට පෙර අඟවන ලක්ෂණ.

Sri Lanka Ministry of Health Sri Lanka Healthy Food Recipes Heart Attack
By Wayomi Jun 18, 2022 06:54 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

අද වන විට බෝ නොවන රෝග අතර හෘදයාබාධ ප්‍රධාන තැනක් ගන්නවා. ස්ත්‍රී පුරුෂ, ලොකු කුඩා භේදයකින් තොරව හෘදයාබාධ ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම වර්තමානයේ අපේ ආහාර රටාව, ජීවන රටාව තමයි මේකට ගොඩක්ම බලපාන්නේ.

හෘදයාබාධ ඇති වීමේදී ඔබට පෙන්නුම් කරන ඇතැම් රෝග ලක්ෂණ ඔබ නොසලකා හරින්න පුළුවන්. මොකද ඔබට ඒ ගැන වැඩි අවබෝධයක් නොමැතිකම හේතුවෙන්. ඒ නිසා හදිසියේ ඔබට ඇති වන හෝ දැනට තිබෙනවා නම් මෙම රෝග ලක්ෂණ වහාම වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබාගන්න.

හෘද රෝග ලක්ෂණ

💔 කල් පවතින කැස්ස. දිගු කලක් තිස්සේ සුව නොවී එක දිගට කැස්ස පවතින්නේ නම් එය හෘදයාබාධයක පූර්ව ලක්ෂණයක් විය හැකියි. සෙම් රෝග උත්සන්න වීම නිසා වුවද කැස්ස ඇතිවිය හැකි වුවත් දිගු කල් පවතින කැස්ස හදවත් රෝගයක මූල ආරම්භයක් විය හැකියි.

💔 වම් අතේ ඇතිවන අධික වේදනාව. බොහෝවිට පුරුෂයන් තුළ මෙම වම් අතෙහි වේදනාව පවතින අතර කාන්තාවන්ට ද මෙම වේදනාව ඇති වෙන්න පුළුවන්. මෙය වැලමිට ප්‍රදේශයෙන් ඇතිවන බව දැනුනා වුවද එය එසේ වන්නේ නැහැ. හදවතෙහි වේදනාවක් ඇති වූ විට එය සුසුම්නාවට දැනෙන අතර එය හා සම්බන්ධ වන ස්නායු මොළය හා සම්බන්ධ වීමේදී මොළය තුළ ව්‍යාකූල බවක් ඇති වෙනවා. එම වේදනාව අතෙහි ඇතිවන වේදනාවක් ලෙස රෝගියාට දැනෙනවා. ඒ අනුව හදවත් රෝගයක මූලික ලක්ෂණයක් ලෙස වම් අතෙහි ඇති වන වේදනාව පෙන්වා දෙන්න පුළුවන්.

💔 පාදවල අධික වේදනාවක් දැනීම. විශේෂයෙන් මෙහිදී කකුලේ වළලූකර සමඟ සමස්ත පාදය පුරාම අධික වේදනාවක් ඇති වෙනවා. හදවතේ ආබාධයක් ඇති විට නිසි පරිදි ශරීරය තුළ රුධිරය පොම්ප කිරීමක් සිදුනොවන අතර එම නිසාවෙන් පාද වල අධික වේදනාවක් ඇති වෙනවා.

💔 ආහාර අරුචිය හෘදයාබාධයක් පවතින පුද්ගලයකුගේ දැකගත හැකි පූර්ව ලක්ෂණයක්. මෙහිදී ආහාර පිළිබඳ අවශ්‍යතාවයක් ඇති වූ අවස්ථාවකදී වුවද අක්මාව වටා බැඳී පවතින තරලය හේතුකොටගෙන ආහාර රුචිය නැති කරයි. හදවතේ පවතින ගැටලුකාරී තත්ත්වයක් නිසාවෙන් අක්මාව අවට ඇතිවන මෙම තරලය සුපුරුදු ආහාර ජීර්ණ ක්‍රියාවලියට බාධා පමුණුවනවා.

💔 මානසික ව්‍යාකූලතාවයන්ගෙන් පෙළීම හෘදයාබාදයක පූර්ව ලක්ෂණයක්. මෙහිදී කාංසාව, මානසික පීඩනය, මානසික භීතිකාවන් ආදිය ඇතිවන අතර එමඟින් හෘද ස්පන්දන වේගය අවප්‍රමාණය කරයි.

💔 නිරන්තරයෙන් ඇතිවන කලන්ත ගතිය. හදවත මගින් රුධිරය පොම්ප කිරීමෙන් අනතුරුව ශරීරය පුරා රුධිර සංසරණයට බාධාවක් ඇති වන්නේ නම් එහිදී හුස්ම ගැනීමේ අපහසුතාවක් හෝ සුළු කලන්ත ගතියක් ඇතිවීම සිදු වෙනවා. මෙම තත්ත්වය හෘදයාබාධයක මූලික ලක්ෂණයක්.

💔 ඒ වගේම ශරීරයේ ඇතිවන අධික විඩාව සහ මහන්සිය හෘදයාබාදයක මූලික ලක්ෂණයක්. මෙම තත්ත්වය පුරුෂයන්ට සාපේක්ෂව කාන්තාවන් තුළින් දැකගත හැකි අතර දෛනික ක්‍රියාකාරකම් සිදු කිරීමේදී වුවද මෙම වෙහෙස මහන්සිය ඇති විය හැකියි.

💔 ආමාශයේ ඇතිවන අධික වේදනාව බඩේ කැක්කුම, හිස්බඩ ඇතිවන ඔක්කාරය, උදරයේ ඉදිමුම ආදිය නිසාවෙන් ආමාශයේ අධික වේදනාවක් ඇති වෙනවා. මෙය වරින් වර ඇතිවන අතර නැවත කෙටි කාලයක් තුළදී ඇති වෙනවා.

💔 හුස්ම ගැනීම කෙටි වීම එනම් මෙහිදී හුස්ම ගැනීම කෙටි වන අතර දිගු හුස්ම ගැනීමේදී අපහසුතාවයක් ඇති වෙනවා. හදවතෙ ගැටලුවක් පවතින විට ප්‍රමාණවත් තරම් වාතය ලබා ගැනීමට නොහැකි වන අතර එහිදී හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිවීම මෙන්ම හුස්ම ගැනීම කෙටි වීම සිදුවිය හැකියි.

💔 ඊට අමතරව නින්ද නොයෑමේ අපහසුතාව.

💔 හිසකෙස් ගැලවී යාම.

💔 සිරුරේ තද පැහැති බවක් හෝ නිල් පැහැති බවක් දැකගත හැකිවීම.

💔 හෘද ස්පන්දන රටාව අවිධිමත් වීම.

💔 පපු ප්‍රදේශයේ ඇතිවන අධික වේදනාව.

💔 ඇසිපියන් ඇතුළත කොනේ කහ පැහැති පැල්ලම් දැකගත හැකිවීම.

💔 ඇවිදීමේදී බත් කෙන්ඩේ ඇතිවන අධික වේදනාව.

💔 පිරිමි පුද්ගලයින්ගේ හිසකෙස් ඉක්මනින් සුදු පැහැති වීම.

💔 පුරුෂයන්ගේ කන් ඇල මාර්ගයේ කෙස් පිහිටීම.   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW