සෞදි ශ්රේෂ්ඨාධිකරණයේ ජනපතිගෙන් ස්තුතියක් - අනෝජන්ගේ මරණ දඬුවම ඉවත් කිරීම ගැන ජනපතිගෙන් විශේෂ සටහනක්
සෞදි අරාබියේ ශ්රේෂ්ඨාධිකරණය ශ්රී ලාංකික අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම ඉවත් කිරීමට ගත් තීරණය තමන් ඉතා අගය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය නිල ‘X’ ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, එම තීරණය අනෝජන්ට, ඔහුගේ පවුලේ සාමාජිකයන්ට මෙන්ම ඔහුගේ නඩුව පිළිබඳ දැඩි අවධානයෙන් පසුවූ සියලු ශ්රී ලාංකිකයන්ට විශාල සහනයක් ගෙන දෙන බවයි.
මිත්ර රාජ්යයක නීතිමය ක්රියාවලියට ගරු කරමින් ඉවසීමෙන් සිදුකළ රාජ්යතාන්ත්රික මැදිහත්වීම් සහ විදේශගත ශ්රී ලාංකික පුරවැසියෙකු වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටි පාර්ශ්වයන්ගේ කැපවීම මෙම ප්රතිඵලයට හේතු වූ බව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
මෙම තීරණය සම්බන්ධයෙන් සෞදි අරාබි රජයට සිය විශේෂ ස්තුතිය පළ කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා, ඒ වෙනුවෙන් කැපවී කටයුතු කළ දෙරටේ රාජ්යතාන්ත්රික නිලධාරීන්ට, රාජ්ය සේවකයන්ට සහ නීති කණ්ඩායම්වලට ද සිය ප්රණාමය පළ කර ඇත.
අනෝජන් සම්බන්ධයෙන් ඉතිරිව ඇති නීතිමය ක්රියාදාමයන් අවසන් වන තෙක් ඔහුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට අවශ්ය සියලු සහාය අඛණ්ඩව ලබාදීමට රජය කටයුතු කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
වඩා හොඳ ජීවනෝපායක් සොයා විදේශගත වන කිසිදු ශ්රී ලාංකිකයෙකුට තමන් තනිවී ඇති බවක් දැනෙන්නට ඉඩ නොතැබිය යුතු බව ද ජනාධිපතිවරයා සිය සටහනේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
I welcome the decision by the Supreme Court of Saudi Arabia to set aside the death sentence imposed on Sri Lankan national Anojan Sivarasa. This brings immense relief to Anojan, his family, and all Sri Lankans who have followed his case with deep concern. It reflects the value of patient diplomacy, respect for the legal processes of a friendly nation, and the tireless work of those who stood by a Sri Lankan citizen abroad. I express my sincere appreciation to the Government of Saudi Arabia for this outcome. I also thank the many Saudi Arabian and Sri Lankan diplomats, civil servants and legal teams for their dedicated efforts. My Government will continue to extend all necessary support to Anojan and his family as the remaining legal processes conclude. No Sri Lankan who leaves our shores in search of a livelihood should ever feel that they stand alone.
— Anura Kumara Dissanayake (@anuradisanayake) October 14, 2026