සිංහල සිනමාවේ නොමැකෙන නාමයක් නිහඬ වෙයි

Death Artist Latest Headlines Sinhala news Cinema News
By R.rishma Oct 15, 2026 03:44 AM GMT
Report

ප්‍රවීණ ගේය පද රචකයකු මෙන්ම චිත්‍රපට තිර පිටපත් රචකයකු හා අධ්‍යක්ෂවරයෙකු වූ සෝමපාල ලීලානන්ද මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා වයස අවුරුදු 82 වන වියේ පසු වුණි. 70 දශකයේදී සිනමාවට පිවිසි ඔහු 1977 වසරේදී අධ්‍යක්ෂණය කළ, චන්ඩි පුතා, ආත්මා, බඹර පැටික්කී වැනි චිත්‍රපට අතිශය ජනප්‍රිය චිත්‍රපට කිහිපයකි

එසේ ම, අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා, පාට පොදක් තිලකලා නළල් තලාවේ, පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ,බඹරා වගේ මට තවම විසේ, පෙම්වතියන්නේ පෙම්වතියන්නෙ,බිළිඳුනේ දරුවනේ පැලෙත් රජ මැදුරේ, වාසනාව දොර ඇරලා බලනවා, කැන්දන් යන්නම් රන්මල් මාලා දාලා, සිටු මැදුරේ හෝ පුංචි පැලේ , නිල්ල නඟන ස්වර්ණ කිකිනි රාවේ, සැරයටියෙන් අපි යනෙන තුරා, වැනි ගීත ඔහු විසින් රචනා කර ඇති   ජනප්‍රිය ගීත වේ

සෝමපාල ලීලානන්ද මහතාගේ දේහය පොල්ගස්ඕවිට ,පාලගම පිහිටි ඒ මහතාගේ නිවෙසේ තැන්පත් කර ඇති අතර එළැඹෙන සිකුරාදා (16) සවස බොරැල්ල කනත්තේ දී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබේ .