අල්විස් වත්තේ ඝාතනයට තවත් සැකකරුවන් 4ක් දැලේ

Police spokesman Crime Law and Order Latest Headlines Sinhala news
By Shehan Aug 08, 2025 08:59 AM GMT
Report

වත්තල හේකිත්ත, අල්විස්වත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිදුවීමට තවත් සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් සහ අපරාධයට භාවිත කළ බවට සැක කඩු 4ක් ද පොලිස් භාරයට ගෙන තිබෙන බව සඳහන්.

එසේම අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වනවිට වත්තල පොලීසියට ඉදිරිපත් කර තිබෙන බව ද වාර්තා වේ. 

ඉකුත් ජූලි 19 වන දින රාත්‍රීයේ දෙමහල් නිවසක් තුළ දී අඳාළ ඝාතනය සිදුකර තිබෙනවා. එසේම ඝාතනය සිදුවන විට මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ද නිවසේ සිට ඇති බව සඳහන්. මෙසේ මියගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි අයෙක්.

අගමැතිනියට දීපු දත්ත බොරුයි - වසන්ත SupremeSAT වංචාව ගැන කියයි

අගමැතිනියට දීපු දත්ත බොරුයි - වසන්ත SupremeSAT වංචාව ගැන කියයි

ඔහු මාස කිහිපයකට පෙර එම ප්‍රදේශයේ නිවසක් කුලී පදනම යටතේ ලබාගෙන බිරිඳ සහ දරුවන් දෙදෙනා සමග ජීවත්ව සිට ඇති බව වාර්තා වේ. එමෙන්ම පොලිස් මූලික විමර්ශනවලදී හෙළිව තිබුණේ මියගිය පුද්ගලයා 2023 වර්ෂයේ මහබාගේ ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු බවයි. 

ඒ අනුව අඳාළ ඝාතනය පාතාල කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ආරවුලක් මත සිදුකර ඇති බවට සැක කෙරෙන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා 'වැල්ලේ සාරංග' නැමති පාතාලකරුගේ පාර්ශවයේ පිරිසක් බවට ද තොරතුරු හෙළිව තිබෙනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර මෝදර සහ වත්තල ප්‍රදේශවලදී සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ 15 සහ වත්තල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 17, 25 සහ 27 යන වයස්වල පසුවන පුද්ගලයන්ය. එම අවස්ථාවේදී සැකකරුවන් විසින් අපරාධයට යොදා ගන්නා ලද ජංගම දුරකථන දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.   

වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණියට විදේශගත වීමට අවසර

වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණියට විදේශගත වීමට අවසර

ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, දියවැඩියාව.. මේ වගේ දේකට හැමදාම උදේට බෙහෙත් පෙත්තක් බොන කෙනෙක් ද?

ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, දියවැඩියාව.. මේ වගේ දේකට හැමදාම උදේට බෙහෙත් පෙත්තක් බොන කෙනෙක් ද?