බොරතෙල් මිල හදිසියේ පහළට
මැදපෙරදිග යුදමය තත්ත්වය අවසන් කිරීම සම්බන්ධයෙන් බලාපොරොත්තු ඉහළ යාමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 7%කට වැඩි ප්‍රමාණයකින් පහත වැටී තිබේ.
ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 7.63%කින් පහත වැටී ඇමෙරිකානු ඩොලර් 104.77ක් ලෙස සටහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකාව සහ ඉරානය අතර යළිත් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා ආරම්භ වීමේ ලකුණු පහළ වීම මෙම මිල පහත වැටීමට ප්‍රධාන හේතුව වී තිබේ.
ඉරානය ද ඇමෙරිකාව සමඟ මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් ඇති බව ප්‍රකාශ කර ඇති අතර, දැඩි කොන්දේසි යටතේ හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ද යෝජනා කර ඇත.
මේ අතර, ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් විසින් ඉරාන ජාතික ආරක්ෂක ප්‍රධානී මොහ්සෙන් රෙසායි වෙත නව සාකච්ඡා පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් ලිපියක් යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
මාස කිහිපයකට පසු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය ඉරානය සම්බන්ධයෙන් ගත් ඉහළම මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය සැලකෙන බව ද වාර්තා වේ.