අගමැතිනියට දීපු දත්ත බොරුයි - වසන්ත SupremeSAT වංචාව ගැන කියයි
SupremeSAT සන්නිවේදන චන්ද්‍රිකාව සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලය විසින් අග්‍රාමාත්‍යවරිය වෙත ලබා දී තිබූ දත්තවල අඩුපාඩු පවතින බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.
ඒ අනුව, SupremeSAT සන්නිවේදන චන්ද්‍රිකාව ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමකට එළඹ ඇත්තේ 2012 මැයි මාසයේදී බවත්, නමුත් චන්ද්‍රිකාව යවා ඇත්තේ 2012 වසරේ නොවැම්බර් මාසයේ බවත් අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළා.
එම සන්නිවේදන චන්ද්‍රිකාවට ඩොලර් මිලියන 320ක වියදමක් දරා ඇති බවත්, එම මුදල ලබා දුන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් දැන් සොයන බවත්, එය ගියපු තැනක්ද නොමැති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
චන්ද්‍රිකාවට වියදම් වූ මුදලින් මිලියන 200 කට වඩා ණයක් ලබාගෙන ඇති බවට චෝදනාවක් ඇති බවත්, දේශීය සමාගමක් මිලියන 12,000 ක් ආයෝජනය කර ඇති බවටද කතාවක් ඇති අතර, එම මුදල එම සමාගමට ලැබුණේ සහ ඒවා ගිණුම්වලින් ඉවත් වූයේ කෙසේදැයි විමර්ශනය කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළා.
මෙම ගැටලුවට නිලධාරීන් විසින් පිළිතුරු දීමේදී ආයෝජන මණ්ඩල නිලධාරීන් වැරැද්දක් සිදු කර ඇති බවත්, එම වැරැද්ද නිවැරදි කර ඇති බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළා.