කවුද මේ ඇනෝනිමස් කියන්නේ…

Anonymous Save Sri Lanka
By Subodha May 04, 2022 06:26 AM GMT
Subodha

Subodha

in රචනා
Report

හැකර්ස්ල ලෝකෙ ප්‍රදාන කොටස් දෙකක් ඉන්නවා. ඒ තමයි

  • සුදු හැකර්
  • කළු හැකර්

සුදු හැකර්ස්ලා කරන්නේ සමාජයේ පවතින විවිධාකාරයේ වැරදි දේවල් සාමාජය ඉදිරියට ගෙන ඒමයි .මොවුන්ගෙන් සාමාන්‍ය ජනතාවට කිසිම කරදරයක් සිදුවන්නේ නෑ.

කළු හැකර්ස්ලා සාමාන්‍ය ජනතාවගේ හා කිසිදු වරදක් නොමැති පිරිසකගේ පවා වෙබ් අඩවි හා ගිණුම් වර්ග අන්තර්ජාලය හරහා හැක් කිරිමයි

anonymous ( ඇනෝනිමස් ) කියන හැකර් කණ්ඩායම අයිති වෙන්නෙ මේ සුදු හැකර් කියන කණ්ඩායමට, ඒ කියන්නෙ මෙයාල hacking මගින් හොද දේවල් කරන කටිටියක් තමයි මේ ඇනෝනිමස් හැකර්වරු කියන්නේ.

ඇනෝනිමස් වගේ හැකර් වරුන්ගේ ජාලයකට අපි ' international hacktivist group ' එකක් කියල කියනවා.

මේ ඇනෝනිමස් කියන hacking group එක ආරම්භ වෙලා තියෙන්නේ 2003 අවුරුද්දෙදි කියල තමයි සදහන් වෙන්නෙ.

සාමාන්‍යයෙන් මේ ඇනෝනිමස් (anonymous) කියන ඉංග්‍රීසි වචනයේ තේරුම තමයි නිර්ණාමික කියන්නේ.

ඇනෝනිමස් හැකර්වරුන්ගේත් ආදර්ශ පාඨය වෙන්නෙත් we are anonymous කියලමයි.

ඒ කියන්නෙ " අපි නිර්ණාමිකයි කියන එක" ඒ නිසාම තමයි මේ හැකර් කණ්ඩායමට මේ නම යොදාගෙන තියෙන්නේ.

මේ හැකර් කණ්ඩායම නිර්ණාමික ඒකෙන්ම කියවෙනවා. මෙයාල ඉතාමත් රහසිගත සංවිධානයක් කියලා.

ඒ වගේමයි මේ කණ්ඩායම කොහොමද හැදුනේ මේ කණ්ඩායමේ කී දෙනෙක් ඉන්නවද? මේ අය හම්බවෙන්නේ කොහොමද? මේ අය මොන මොන රටවල් වලද ඉන්නෙ? මේ කණ්ඩායමේ නායකය කවුද ? මේ හැකර්වරු ක්‍රියාත්මක වෙන්නෙ කොයි වගේ වෙලාවටද? මේ කිසිම දෙයක් ලෝකෙ කවුරුත්ම දන්නෙ නෑ.

ඒ උනත් සමහර සමාජජාලා , සමහර මාධ්‍ය මේ හැකර්ස්ල ගැන විවිධ මත ඉදිරිපත් කරල තිබුණත් ඒව හරියටම හරිද නැතිනම් වැරදිද යන්න කිසිම තොරතුරක් නෑ.

මොවුන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නෙ ග්‍රැෆික් නවකතාවේ සහ V for Vendetta චිත්‍රපටයේ නිරූපිත ශෛලියේ Guy Fawkes වෙස් මුහුණු පැලදගෙන තමයි ඉන්නේ.

මේ වෙස් මුහුණ නිසා මෙයාල ලෝකය පුරාම ප්‍රසිද්ධ වෙන්නත් එක් හේතුවක් වෙලා තියනවා

මේ ඇනෝනිමස් හැකර්ස්ල වැඩියෙන්ම පෙනී සිටින්නේ සමාජයේ යම් අසාධාරණයක් උනාම ඒ නිසාම මේ අය අද ලෝකයේ සෑම කෙනෙක්ගේම වීරයන් බවට පත් වෙලා තියනවා.

මේ අයට මෙන්න මේ හේතුව නිසා 1 - freedom fighters ( නිදහස් සටන්කාමීන්) 2- digital robin hoods ( ඩිජිටල් රොබින් හුට් ) යන විවිද නම් ලැබිල තියනවා.

නමුත් විචාරකයින් ඔවුන්ව විස්තර කර ඇත්තේ "සයිබර් ලින්ච්-මැබ් එකක්" "සයිබර් ත්‍රස්තවාදීන්" ලෙසය.

2012 දී ටයිම් විසින් anonymous ලොව "වඩාත්ම බලගතු පුද්ගලයන් 100 දෙනාගෙන්" කෙනෙකු ලෙස නම් කරන ලදී.

මොවුන් සයිබර් ප්‍රහාර විශාල ප්‍රමාණයක් එල්ල කර ඇති අතර ඒ අතරින් කිහිපයක් පහතින්

1 - ප්‍රසිද්ධ කවුරුත් දන්න "Sony" සමාගමට මේ හැකර්වරු සයිබර් ප්‍රහාරයක් එල්ල කරල තියනව.

2 -mastercard / paypal / visa මේ සමාගම් වලට සයිබර් ප්‍රහාර එල්ල කරල තියෙනවා එමගින් එම සමාගම් වලට විශාල ලෙස පාඩු වෙලා තියනවා.

3- ඇමරිකාවෙ F.B.I ආයතනය මගින් "MEGAUPLOAD"( මෙගාඅප්ලෝඩ්) කියන වෙබ් අඩවිය තහනම් තියනවා.

4 - ඒ වගේමයි අපි කවුරුත් දන්න ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිල වෙබ්සයිට් එකට ඇනෝනිමස් හැකර්ස්ල සයිබර් ප්‍රහාරයක් එල්ල කරල තියනවා.

5 - ඒ වගේම ISIS ත්‍රස්තවාදීන්ටත් විරුද්ධව සයිබර් ප්‍රහාර එල්ල කරල තියනවා.

මේ අතර මොවුන් ISIS ත්‍රස්තවාදීන්ට එල්ල කල සයිබර් ප්‍රහාරයෙන් ISIS ත්‍රස්තවාදීගේ නායකයන් 1500 කගේ නිල ට්විටර් ගිනුම් 1500 ක්ම හැක් කරල ඒ හැම ගිනුමක්ම අසභය දර්ශන වලින් පුරවල තියනවා.

මේ එක ට්විටර් ගිනුම් 1500 ම හැක් කරල තියෙන්නේ එකම හැකර් කෙනෙක්, මේ හැකර්ට එක ගිනුමක්ම හැක් කරන්න ගිහින් තියෙන්නේ මිනිත්තුවක් වගේ චූටි කාලයක්.

ඒ වගේමයි මේ ඇනෝනිමස් හැරක්වරු ඔවුන්ට යම් අදහසක් ඉදිරිපත් කරන්න ඔවුන්ගේ youtube ගිනුම ඔස්සේ හෝ නිල වෙබ්සයිට් එක ඔස්සෙ වීඩියෝ නිකුත් කරනවා.