ශිරන්ති රාජපක්ෂට විශේෂ අවසරයක්
Shiranthi Rajapaksa
Prison
Latest Headlines
Sinhala news
SriLanka - Puwath
By R.rishma
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට නිවසින් ආහාර ලබාගැනීමට අවසර ලබා දී තිබෙනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න පැවසුවේ ඇය වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය කාන්තා රැඳවියන් සිටින වාට්ටුවකට යොමුකර ඇති බවයි. ඇය එහි විශේෂ ආරක්ෂාවක් යටතේ රඳවා තැබීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.
රාජ්‍ය බැංකුවකින් රුපියල් ලක්ෂ 100ක් ලබා ගෙන සාවද්‍ය පරිහරණයෙන් දූෂණය හා පොදු දේපළ පනත යටතේ වැරදි සිදුකළ බවට චෝදනා නගමින් පසුගිය 07 වනදා ඇයව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඇයව ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.