ඉන්ධන නිකුත් කිරීම සීමා කළොත් වැඩ වරදියි - අලුත් පිරවුම්හල් එන ලකුණු

Petrol diesel price Latest Headlines Anura Karunathilake Sinhala news Puwath.lk
By R.rishma Oct 11, 2026 08:28 AM GMT
Report

ඉදිරියේදී නව ඉන්ධන පිරවුම්හල් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා.

පෞද්ගලික සමාගම් විසින් අඛණ්ඩව ඉන්ධන නිකුත් කිරීම සීමා කරන්නේ නම්, එම සමාගම්වල ඉන්ධන පිරවුම්හල් පවතින ප්‍රදේශවල ඒකාධිකාරී තත්ත්වය බිඳ දැමීම සඳහා නව ඉන්ධන පිරවුම්හල් ඉදිකිරීමට අවධානය යොමු කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කොළඹදී ඊයේ (10) පැවති බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමයේ 37 වැනි වාර්ෂික හමුවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මේ අතර, ඇතැම් කණ්ඩායම් විසින් සිදුකරන ප්‍රචාරවලට බිය වී අනවශ්‍ය ලෙස ඉන්ධන මිලදී ගැනීමට පෙළඹීමෙන් වළකින ලෙසද අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කළා.

කිසිදු අවස්ථාවක ඉන්ධන හිඟයක් ඇතිවීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉඩ නොතබන බවද ඔහු මෙහිදී අවධාරණය කළා.