ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්

Weather Latest Headlines Sinhala news Puwath.lk Lightning Alert
By R.rishma Oct 05, 2026 06:33 AM GMT
Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අද පෙරවරු 11.00ට නිකුත් කළ එම නිවේදනය හෙට අලුයම 1.00 දක්වා වලංගු වේ.

වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණ සහ උතුරු මැද පළාත්වල මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ සවස් හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුළංද ඇතිවිය හැකි බැවින්, අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හත්වැනි සමාලෝචනයට එකඟතාවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හත්වැනි සමාලෝචනයට එකඟතාවක්