බලංගොඩ කස්සප හිමියන්ට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක්

Latest Headlines Sinhala news Puwath.lk Arrest Ven. Balangoda Kassapa Thero
By R.rishma Nov 11, 2026 07:50 AM GMT
Report

අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කර තිබේ.

ත්‍රිකුණාමලය වෙරළ තීරයේ සිදුකර ඇති බව කියන අනවසර ඉදිකිරීම් සහ ආන්දෝලනයට තුඩු දුන් බුද්ධ ප්‍රතිමාව සම්බන්ධයෙන් පවතින නඩුව අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.

එහිදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින තවත් කිහිපදෙනෙකු ද අධිකරණය හමුවේ පෙනී නොසිටි බව වාර්තා වේ.

ඒ අනුව, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කළ අධිකරණය, නඩුවේ වැඩිදුර විභාගය 2027 ජනවාරි 06 වැනිදා දක්වා කල් තැබීමට ද නියෝග කර තිබේ.