දරුවාගේ මුහුණ දකින්න පෙරුම් පිරූ නයෝමිචාන්ට අවසානයේ අත්වූ සංවේදී ඉරණම
ජපානයේ කීර්තිමත් සෝකා විශ්වවිද්‍යාලයෙන් උපාධිය හිමිකරගෙන, ජාත්‍යන්තර රසික ආකර්ෂණයක් දිනා සිටි ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය නිර්මාණකාරිනියක වූ ආශා නයෝමි වීරවර්ධන හෙවත් ‘නයෝමිචාන්’ගේ අභාවය පිළිබඳ පුවත ඊයේ (10) රාත්‍රියේ වාර්තා වීමත් සමඟ ශ්‍රී ලංකාවේ මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව තුළද දැඩි ශෝකයක් හටගත්තේය.
යූටියුබ් සහ ටික්ටොක් ඔස්සේ ජනප්‍රියත්වයට පත්ව සිටි ඇය, සිය කුළුඳුල් දරුවාගේ උපත අපේක්ෂාවෙන් සතුටින් කාලය ගත කරමින් සිටියදී මෙලෙස හදිසියේ ජීවිතයෙන් සමුගැනීම බොහෝ දෙනාට අදහාගත නොහැකි පුවතක් බවට පත්ව තිබේ. 1993 ජූනි 12 වැනිදා උපත ලැබූ ඇය මියයන විට 33 වැනි වියේ පසුවූවාය.
ජපන් සැමියා සමඟ ගෙවූ සුන්දර ජීවිතය රසිකයන් අතරට ගෙනා නයෝමි

ජපාන ජාතික සැමියා වන කේචාන් සමඟ ගෙවූ අන්තර්සංස්කෘතික පවුල් ජීවිතය නයෝමිගේ සමාජ මාධ්‍ය අන්තර්ගතයන්හි කැපී පෙනුණු අංගයක් විය. ඔවුන්ගේ සුරතල් අළු පැහැති බළලා සමඟ ගත කළ සොඳුරු අවස්ථා, ශ්‍රී ලාංකික හා ජපන් ආහාර සංස්කෘතීන් එක් කරමින් සැමියා වෙනුවෙන් රසවත් ආහාර පිළියෙල කිරීම සහ එදිනෙදා ගෘහ ජීවිතයේ සුන්දරත්වය ඇය සිය ප්‍රේක්ෂකයන් සමඟ බෙදාගත්තාය.
අතිවිශාල නිෂ්පාදන පිරිවැයක් සහිත වීඩියෝ වෙනුවට සුපිරි වෙළෙඳසැල්වල සාප්පු සවාරි, නිවසේ දෛනික කටයුතු, ආහාර පිසීම සහ සාමාන්‍ය ජීවිතයේ අත්දැකීම් සරලව ඉදිරිපත් කිරීම ඇගේ ජනප්‍රියත්වයට ප්‍රධාන හේතුවක් විය.
එමෙන්ම ජපානයට වීසා ලබාගැනීම, එරට ජීවන වියදම් කළමනාකරණය, අධ්‍යාපනය සමඟ රැකියාවක් සමබරව පවත්වාගෙන යාම වැනි කරුණු සම්බන්ධයෙන්ද ඇය විදෙස්ගත වීමට බලාපොරොත්තු වූ ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට අත්දැකීම් මත පදනම් වූ තොරතුරු රැසක් ලබාදුන්නාය.
ටෝකියෝවේ සිට නිව්යෝර්ක් දක්වා කළ සංචාර, රූපලාවණ්‍ය උපදෙස් සහ ජීවන රටාව පිළිබඳ වීඩියෝද ඇගේ අන්තර්ජාල නාලිකාවලට විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ගෙන දුන්නේය.
සෝකා විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ඇමේසන් සමාගමටත් එක්වූ දිරිය කාන්තාව
නයෝමිගේ අධ්‍යාපනික ගමන්මඟ තුළ ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය හුවමාරු වැඩසටහනක්ද සුවිශේෂී සන්ධිස්ථානයක් විය. අනතුරුව ජපානයේ සෝකා විශ්වවිද්‍යාලයෙන් 2022 වසරේදී ජාත්‍යන්තර නිදහස් කලා උපාධිය හිමිකරගත් ඇය, පසුව ජපානයේ ඇමේසන් සමාගම සමඟ වෘත්තීය ජීවිතයටද එක්වූවාය.
පොත් කියවීමට, නෙට්ෆ්ලික්ස් කතාමාලා නැරඹීමට සහ ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කළ ඇය, සිය ජීවිතයේ සතුට මෙන්ම අභියෝගද සඟවා නොගෙන ප්‍රේක්ෂකයන් සමඟ බෙදාගැනීමට කටයුතු කළාය.
දරුවා වෙනුවෙන් සූදානම් වූ අවසන් වීඩියෝව රසිකයන්ගේ නෙත් කඳුළින් තෙත් කරයි
නයෝමිගේ අභාවය පිළිබඳ පුවත වඩාත් සංවේදී වීමට බලපෑ කරුණක් වූයේ ඇය මියයෑමට දින තුනකට පෙර, එනම් නොවැම්බර් 7 වැනිදා සමාජ මාධ්‍ය වෙත එක්කර තිබූ අවසන් වීඩියෝවයි.
එම වීඩියෝවෙන් දැකගත හැකි වූයේ සිය කුළුඳුල් දරුවාගේ පැමිණීම වෙනුවෙන් සැමියා සමඟ ළදරු භාණ්ඩ අලෙවිසැල් වෙත යමින්, අලුත උපන් බිළිඳා වෙනුවෙන් අවශ්‍ය භාණ්ඩ තෝරාගනිමින් සිටින ඇයගේ සතුටුදායක අවස්ථාවන්ය.
විශේෂයෙන්ම රෝස පැහැති පුංචි ළදරු ඇඳුම් තෝරාගනිමින් නව ජීවිතයක ආරම්භය වෙනුවෙන් සූදානම් වන ඇයගේ දසුන්, ඇගේ අභාවය පිළිබඳ පුවතත් සමඟ යළිත් සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමට පටන්ගෙන තිබේ.
අනාගතය පිළිබඳ බලාපොරොත්තු රැසක් සමඟ ජීවිතයේ නව පරිච්ඡේදයකට සූදානම් වෙමින් සිටි ඇය මෙලෙස හදිසියේ වියෝවීම රසිකයන්ගේ හදවත් තුළ දැඩි කම්පනයක් ඇතිකර තිබේ.
මරණයට හේතුව
මේ අතර නයෝමිගේ මරණය සම්බන්ධයෙන් ඇගේ නැගණිය වන අයේෂා වීරවර්ධන විසින් සඳහන් කර ඇති තොරතුරු අනුව, ගර්භාෂයේ දරුවා වටා ඇති ජල පටලය (Water Bag) ආශ්‍රිතව ජලය එක්රැස් වී එය ආසාදනයකට ලක්වීම හේතුවෙන් නයෝමිගේ තත්ත්වය බරපතළ වී තිබේ.
එහිදී ඇයට සිහි වට්ටලා වෛද්‍යවරුන් විසින් දරුවා කඩිනමින් පිටතට ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද සඳහන් වේ. කෙසේ වෙතත්, දරුවා බිහිකිරීමෙන් අනතුරුව නයෝමිට යළි සිහිය ලබාගැනීමට නොහැකි වී ඇති අතර, ඇයගේ ජීවිතය බේරාගැනීම සඳහා වෛද්‍යවරුන් හැකි උපරිම උත්සාහයන් ගෙන තිබූ බව අයේෂා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මේ අතර නයෝමිගේ කුළුඳුල් දරුවා මේ වන විට වෙනත් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවද ඇයගේ නැගණිය අනාවරණය කර ඇත.
සිය කුළුඳුල් දරුවාගේ උපත වෙනුවෙන් මහත් බලාපොරොත්තු සහිතව සූදානම් වෙමින් සිටි නයෝමිට අත්වූ මෙම අවාසනාවන්ත ඉරණම ඇගේ පවුලේ සාමාජිකයන්ට මෙන්ම ලොව පුරා සිටින ඇගේ රසිකයන්ටද දැඩි සංවේගයක් ගෙන දී තිබේ.
සෑම විටම සිනහවෙන් පිරුණු මුහුණකින් යුතුව, තම ජීවිතයේ සරල සුන්දරත්වය ලොව පුරා රසිකයන් සමඟ බෙදාගත් නයෝමිචාන්ගේ වියෝව ඇගේ සමීපතමයන්ට පමණක් නොව ඇයගේ වීඩියෝ ඔස්සේ ඇයව හඳුනාගත් දහස් සංඛ්‍යාත රසිකයන්ටද දැඩි වේදනාවක් ඉතිරි කර තිබේ.
" අද කේචන් (නයෝමිගෙ මහත්තයා) එයාගෙ ඉන්ස්ටා එකේ මේ බත් කවන පොටෝ එක දාලා ලියලා තිබ්බෙ, "来世では、あなたが作った美味しいダルをぜひ食べてみたいです。😓💔" ( "ඔයාගෙ අතින් හදපු රසම රස පරිප්පු කන්න මම ලබන භවයෙත් බලාගෙන ඉන්නවා නයෝ.... 😓💔" )."! දෙව්යන්ගේ සමහර තීරණ හරිම අසාධාරණයි..😖💔