අයහපත් කාලගුණය හමුවේ නායයෑම් අනතුරු ඇඟවීම යාවත්කාලීන කෙරේ

Landslide In Sri Lanka Weather Sinhala news Puwath.lk Landslide
By R.rishma Nov 10, 2026 11:58 AM GMT
Report

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

ඒ අනුව, අද (10) පස්වරු 4.00 සිට හෙට (11) පස්වරු 4.00 දක්වා පැය 24ක කාලයක් සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය බලපැවැත්වෙන බව එම සංවිධානය සඳහන් කරයි.

පවතින වර්ෂාපතනය හමුවේ නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල පදිංචිකරුවන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ඉදිරියේදී නිකුත් කරන නිල අනතුරු ඇඟවීම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් ජනතාවට දැනුම් දී තිබේ.

අනතුරු ඇඟවීමේ මට්ටම 2 - ඇඟවීම (ඇම්බර්)

  • බදුල්ල දිස්ත්‍රික්කය :- ⁠පස්සර
  • ගාල්ල දිස්ත්‍රික්කය :- ⁠නාගොඩ
  • කෑගල්ල දිස්ත්‍රික්කය:- ⁠දැරණියගල, ⁠දෙහිඕවිට
  • නුවරඑළිය දිස්ත්‍රික්කය :- ⁠නිල්දන්ඩාහින්න, ⁠වලපනේ, ⁠අඹගමුව කෝරලේ
  • මහනුවර දිස්ත්‍රික්කය :- ⁠උඩුදුම්බර
  • රත්නපුර දිස්ත්‍රික්කය :- ⁠ඇහැලියගොඩ, ⁠ඇලපාත, ⁠අයගම, ⁠වැලිගෙපොල  

අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් වන්න (කහ)

  • බදුල්ල දිස්ත්‍රික්කය :- ⁠ඇල්ල
  • කොළඹ දිස්ත්‍රික්කය :- ⁠පාදුක්ක, ⁠සීතාවක
  • ගාල්ල දිස්ත්‍රික්කය :- ⁠තවලම, ⁠ඇල්පිටිය, ⁠කරන්දෙනිය
  • කලුතර දිස්ත්‍රික්කය :- ⁠වලල්ලවිට, ⁠පාලින්දනුවර, ⁠ඉංගිරිය, ⁠බුලත්සිංහල, ⁠මතුගම, ⁠අගලත්ත
  • මහනුවර දිස්ත්‍රික්කය :- ⁠උඩුනුවර, ⁠තුම්පනේ, ⁠මිණිපේ, ⁠යටිනුවර, ⁠දොළුව, ⁠පස්බාගේකොරලේ, ⁠උඩපළාත, ⁠ගඟ ඉහළ කෝරලේ
  • කෑගල්ල දිස්ත්‍රික්කය:- ⁠අරණායක, ⁠යටියන්තොට, ⁠බුලත්කොහුපිටිය, ⁠මාවනැල්ල, ⁠රුවන්වැල්ල, ⁠කෑගල්ල, ⁠වරකාපොල
  • නුවරඑළිය දිස්ත්‍රික්කය :- ⁠මතුරට, ⁠කොත්මලේ බටහිරළ ⁠කොත්මලේ නැගෙනහිර, ⁠හඟුරන්කෙත, ⁠නෝර්වුඩ්
  • මොණරාගල දිස්ත්‍රික්කය :- ⁠වැල්ලවාය
  • රත්නපුර දිස්ත්‍රික්කය:- ⁠ගොඩකවෙල, ⁠කොලොන්න, ⁠බලන්ගොඩ, ⁠රත්නපුර, ⁠කිරිඇල්ල, ⁠කුරුවිට