හෙල්මට් එකකින් පහර දී කතක් ඝාතනය කෙරේ...දියණියට වෙච්ච දේ කියන්න ගොස් සිදු වූ දේ.

Police Murder Gagana news Ridigama
By Subodha Feb 24, 2022 04:45 AM GMT
Report

රිදිගම - සමගි මාවත -දේවාල හංදිය ප්‍රදේශයේදි කාන්තාවක් ඝාතනයට ලක්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ, ආරක්ෂක හිස්වැසුමකින් පහර දී එම කාන්තාව ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, එම ප්‍රදේශයේම පදිංචි 67 හැවිරිදි මවකි.

ඝාතනයට ලක්වු කාන්තාවගේ දියණිය යතුරුපැදියක ගැටි අනතුරක් සිදුව ඇත.

අනතුර සිදුකල යතුරුපැදිය සොයා ගොස් ඝාතනයට ලක්වු කාන්තාව ඒ් පිලිබදව විමසා ඇති අතර ඒ පිලිබදව බහින් බස් විමක් දුරදිග ගොස් තිබේ.

පොලිසිය සදහන් කලේ අනතුර සිදුකල යතුරුපැදිකරු විසින් ඔහුගේ අතේ තිබුණු ආරක්ෂක හිස් වැසුමෙන් කාන්තාවට පහරදි ඇති බවයි.

ඝාතනය සිදුකල 30 හැවිරිදි රිදිගම ප්‍රදේශයේ පදිංචිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

රිදිගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරන් ලබයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now