මොනරාගල ඇතුළු දිස්ත්රික්ක 3කට අද ප්රබල අකුණු අවදානමක්
Department of Meteorology
Climate Change
Weather
Latest Headlines
Lightning Alert
By R.rishma
මොනරාගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්රික්ක සඳහා ප්රබල අකුණු පිළිබඳව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
අද(28) පෙ.ව. 11.30ට නිකුත් කරන ලද මෙම නිවේදනය අද පස්වරු 11.30 දක්වා වලංගු වෙනු ඇත.
ඒ අනුව, මොනරාගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබන්නේ ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙසයි.