ලක්ෂ 730ක ඉඩම් ගනුදෙනුවක් - යෝෂිත රාජපක්ෂට එරෙහි නඩුවේ අද සිදුවූ දේ මෙන්න
Yoshitha Rajapaksa
Law and Order
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අද (30) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වී තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වෙන අතර, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි විභාගය ආරම්භ කර ඇත.
දෙහිවල සහ රත්මලාන ප්රදේශවල පිහිටි ඉඩම් කොටස් පහක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 730කට අධික මුදලක් වැය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.