සැකකරුගේ මරණය සම්බන්ධයෙන් කොබෙයිගනේ පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්
කොබෙයිගනේ පොලිසිය භාරයේ සිටියදී නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය සැකකරුගේ සිද්ධිය සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානයේ සේවය කළ සැරයන්වරුන් දෙදෙනෙකුගේ සහ කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.
පොලිස් මාධ්ය ප්රකාශකවරයා සඳහන් කළේ රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව මත අදාළ නිලධාරීන්ට එරෙහිව මෙම විනය ක්රියාමාර්ගය ගෙන ඇති බවයි.
පසුගිය ඔක්තෝබර් 25 වැනිදා දහවල් කොබෙයිගනේ, බැද්දේගම ප්රදේශයේදී සොරකම් කිහිපයකට සම්බන්ධ බවට සැක කෙරුණු පුද්ගලයෙකු ප්රදේශවාසීන් විසින් අල්ලා කොබෙයිගනේ පොලිසියට භාරදී තිබුණි.
ඉන් අනතුරුව දින දෙකක් පොලිස් අත්අඩංගුවේ පසුවූ එම සැකකරු ඔක්තෝබර් 27 වැනිදා රාත්රියේ රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත.
මෙම මරණයත් සමඟ සැකකරු අල්ලා පොලිසියට භාරදුන් ප්රදේශවාසීන් පස්දෙනෙකු කොබෙයිගනේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
කෙසේ වෙතත්, අත්අඩංගුවට පත් පුද්ගලයින්ගේ ඥාතීන් චෝදනා කරන්නේ සැකකරු අල්ලා ගසක බැඳ පැයක් ගතවීමටත් පෙර පොලිසිය දැනුවත් කර ඔහු නිරුපද්රිතව පොලිසියට භාරදුන් බවයි.
සැකකරුට පහරදීමක් සිදුවී තිබුණේ නම්, ඔහු මියයාමට පෙර රෝහල්ගත කිරීමට පොලිසිය පියවර ගත යුතුව තිබූ බවද ඔවුහු පෙන්වා දෙති.
මේ අතර, අත්අඩංගුවට ගත් ප්රදේශවාසීන් පස්දෙනා මෙතෙක් නිදහස් කර නොමැති අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.