මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියලු පරිගණක දත්ත විමර්ශනයට

Sri Lanka Department of Motor Vehicles Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Oct 30, 2026 05:25 AM GMT
Report

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව, අදාළ සිදුවීම් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා වලාන දූෂණ මර්දන ඒකකය ඇතුළු විමර්ශන කණ්ඩායමක් විසින් එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ සම්පූර්ණ දත්ත ලබාගැනීමේ කටයුතු සිදුකරමින් පවතින බව වාර්තා වේ.

මෙම විමර්ශන කටයුතු සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ මහාචාර්යවරුන්, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (CERT) නිලධාරීන්, ගව්ටෙක් ශ්‍රී ලංකා ආයතනයේ සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ විශේෂඥයින් ද එක්ව සිටිති.

දෙපාර්තමේන්තුව තුළ සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳ සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනීම මෙම විමර්ශනයේ ප්‍රධාන අරමුණ වී තිබේ.