උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ වැරදි නිසා හිමි නමක් මානව හිමිකම් යයි...
පසු ගිය දා පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සිංහල ප්‍රශ්න පත්‍රයේ ලකුණු දීමේ පටිපාටියේ වැරදි පිළිතුරක් නිවැරදි පිළිතුර ලෙස දක්වා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ස්වාමින් වහන්සේ නමක් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
අ. පො. ස. උසස් පෙළ සිංහල I සාහිත්‍යය ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ප්‍රශ්නයක් වන අංක 01 ප්‍රශ්නයේ ඉ කොටසේ iii වැනි අනුප්‍රශ්නයෙහි ලිහිල් බසින් ලිවීමට දී ඇති "ත්‍රිමද ගලිත" යන්නට ලකුණු දීමේ පටිපාටියේ දී ඇති පිළිතුර මේ ගැටලුවට මුල් වී ඇති බව වාර්තා වනවා.
ලකුණු දීමේ පටිපාටියේ සඳහන් "තුන් තැනකින් (දෙකන් සහ ලිඟු) මද (ජලය) ගලන" යන පිළිතුර සාවද්‍ය බවත් නිවැරැදි පිළිතුර වන්නේ "තුන් අවස්ථාවක දී මදය ගැලූ" යන්න බවත් තමන් වහන්සේ පෙන්වා දුන්න ද එය නිවැරැදි කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු නො කිරීම නිසා තමන් වහන්සේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට තීරණය කළ බව එම හිමියන් හිමියන් පවසනවා.
මෙසේ වැරදි පිළිතුරක් ලකුණු දීමේ පටිපාටියට ඇතුළත් කර ඊට ලකුණු ලබා දීම හේතුවෙන් නිවැරදි පිළිතුර ලියූ සිසුන්ට ලකුණු අහිමි වීමෙන් ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වන බව යි උන් වහන්සේ වැඩි දුරටත් සඳහන් කරන්නේ.
උසස් පෙළ වැනි අතිශය තරගකාරි විභාගයක දී එක ලකුණකින් වුව ද සිසුන්ට සරසවි වරම් අහිමි විය හැකි යි.
මෙම ප්‍රශ්නයට අදාළ පිළිතුර වැරදි බවට විද්වත් පිරිස විසින් කළ ප්‍රකාශ පිළිබඳ ඇතැම් පුවත් පත්වල ද සඳහන් වී තිබූ ආකාරය දැකගත හැකි යි.
නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයා පවසා සිටියේ, එවැනි තත්ත්වයක ඇති බරපතළ තත්ත්වය ඔවුන් දන්නා බවත් කිසිදු සිසුවෙකුගේ එක් ලකුණක් හෝ අඩු නො වීමට වග බලා ගන්නා බවත් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |