ජනතාවගේ බියවු මැති ඇමතිවරු දැන් පාරේ යන්නේ මෙහෙමද...?
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිහකට වැඩි පිරිසක් ඉන්ධන, ගෑස් සහ වෙනත් පෝලිම්වල සිටින ජනතාවගෙන් කිසියම් තර්ජනයක් ඇතිවිය හැකි හෙයින් ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙස සිය වාහනවල ඉදිරිපස වීදුරුවේ ප්‍රදර්ශනය කෙරෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දැක්වෙන ලාංඡනය ඉවත්කරගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මන්ත්‍රීවරුන් මේ බව පාර්ලිමේන්තු ප්‍රධානීන්ටද දැනුම්දී ඇතැයි දැනගන්නට ඇත.
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව බාරව සිටින ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන්ද මන්ත්‍රීවරුන්ට එසේ කටයුතු කරන ලෙස දැනුම්දී ඇත.
එසේම ඉන්ධන හෝ ගෑස් හෝ වෙනත් පෝලිම් හෝ ප්‍රදේශ හෝ ස්ථාන හැකිතාක් මඟහැර ගමන් කරන ලෙසටද ආරක්ෂක අංශ නිලධාරීන් මැති ඇමැතිවරුන්ට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.
මේ අතර පාර්ලිමේන්තුවේ සේවක සේවිකාවන් ප්‍රවාහනය කරනු ලබන ලංගම බස් රථ කිහිපයක්ද ඉදිරිපස වීදුරුවල ප්‍රදර්ශනය කර තිබු පාර්ලිමේන්තුව යනුවෙන් සඳහන් නාම පුවරු ඉවත් කර ධාවනය කිරිමට පියවර ගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |