ටයිල් ගොඩකින් වැසු නිරුවත් කාන්තා මළ සිරුරක්...

Police Kiribathgoda Gagana sri lankan crime news
By Subodha Mar 09, 2022 06:31 AM GMT
Report

ඊයේ (08) සවස අසල්වැසියන් විසින් 119 දුරකථන අංකයට දුන් තොරතුරක් මත මීට දින හතරකට පමණ පෙර ඝාතනය කරන්නට ඇතැයි සැක කෙරෙන නාඳුනන කාන්තා මළ සිරුරක් කිරිබත්ගොඩ මුදියන්සේගේ වත්ත ප්‍රදේශයේ පාළු නිවසක තිබී කිරිබත්ගොඩ පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මළ සිරුර ටයිල් ගොඩකින් වසා තිබී ඇති අතර සිරුර නරක් වී තිබු බව ද පොලීසිය පවසනවා ඇය අවුරුදු 35ක් පමණ වන තැනැත්තියක් වන අතර, ඇය දුෂණය කර ඝාතනය කරන්නට ඇතැයි සැක පළකරන අතර කාන්තාව මියගොස් සිටි නිවසේ අලුත්වැඩියා කටයුතු සඳහා පුද්ගලයෙක් පැමිණ ඇති බවත් CCTV කැමරා ඔස්සේ වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත් පොලීසිය පවසයි.

මේ අතර මියගිය කාන්තාව අංගොඩ මානසික රෝහලෙන් බෙහෙත් ලබාගෙන ඇති බෙහෙත් තුණ්ඩු කිහිපයක් ද නිවසේ තිබී සොයා ගෙන තිබේ.

මෘත ශරීරිය මේ වනවිට රාගම රෝහලට ගෙනැවිත් ඇති අතර, සැකකරුවන් සොයා කිරිබත්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now