නෙතන්යාහුගේ බලය අවසන් කරන්න අරාබි පක්ෂ සූදානම්

Benjamin Netanyahu World Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Oct 29, 2026 10:06 AM GMT
Report

ඊශ්‍රායලයේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ පාලනය අවසන් කිරීම සඳහා සහාය දැක්වීමට එරට ප්‍රධාන අරාබි දේශපාලන පක්ෂ සූදානමින් සිටින බව අරාබි පුවත් සේවයක් වාර්තා කරයි.

ජාතික ලැයිස්තු සන්ධානයේ සභාපති යූසුෆ් ජබාරීන් ප්‍රකාශ කර ඇත්තේ නෙතන්යාහුගේ පාලනය හේතුවෙන් ඊශ්‍රායලයේ වෙසෙන අරාබි පුරවැසියන්ගේ ජීවිත දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බවයි.

නෙතන්යාහුගේ පාලනය අවසන් කිරීමට සූදානම්

මෙවර මැතිවරණයේදී අරාබි දේශපාලන පක්ෂ වෙත ලැබුණු ජනවරම “ඓතිහාසික” එකක් ලෙස හැඳින්වූ ජබාරීන්, නෙතන්යාහුගේ පාලනය අවසන් කිරීම සඳහා දේශපාලනිකව මැදිහත් වීමට තමන් සූදානම් බව සඳහන් කර තිබේ.

ඒ අනුව, අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ ඉටමාර් බෙන්-ගවීර් සහ බෙසලෙල් ස්මොට්රිච් යන දේශපාලන නායකයන් ද බලයෙන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් බව ඔහු ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. 

ඊශ්‍රායලයේ අරාබි පුරවැසියන් මුහුණ දෙන ගැටලු සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින දේශපාලන මතභේද මධ්‍යයේ මෙම ප්‍රකාශය සිදුකර තිබේ.

කෙසේ වෙතත්, අරාබි පක්ෂවල සහාය මත නෙතන්යාහුගේ පාලනය අවසන් කිරීමට හැකි වේද යන්න තීරණය වන්නේ මැතිවරණ ප්‍රතිඵල, පාර්ලිමේන්තු ආසන සංයුතිය සහ ඉදිරි සන්ධාන සාකච්ඡා මතය.