ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළට

Crude Oil Prices Today World Latest Headlines Sinhala news Crude Oil
By R.rishma Oct 30, 2026 05:14 AM GMT
Report

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල ඉහළ යාමක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 103.38ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සියයට 1.35ක වැඩිවීමකි.

එමෙන්ම, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 116.54ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය සියයට 1.44ක වර්ධනයක් ලෙස සටහන් වේ.

කෙසේ වෙතත්, Murban බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 114.76ක් ලෙස සටහන් වී ඇති අතර, එය සියයට 0.39ක පහළ යාමකි.