උසස් පෙළ අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක්
Department of Examinations Sri Lanka
G.C.E.(A/L) Examination
Latest Headlines
Sinhala news
Puwath.lk
By Shehan
එළඹෙන අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාල සීමාව දීර්ඝ කර තිබෙනවා.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ එය එළඹෙන 12වනදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබෙන බවයි.
2024 නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත 2025 උසස් පෙළ විභාගයට අයදුම් කිරීමට බලාපොරොත්තු වන සහ ඒ සඳහා අයදුම් කිරීමට ලබාදී තිබූ කාල සීමාව තුළ අයදුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ට මෙම අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසාදී තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ මෙම සහන කාල සීමාව කිසිදු හේතුවක් මත තව දුරටත් දීර්ඝ නොකරන බවයි.