දැඩි උණුසුම සහ ජල අර්බුදය මැද වැසි වැටෙයි - දිස්ත්‍රික්ක 8ක ලක්ෂයකට අධික පිරිසකට සහනයක්

Sri Lanka Department of Meteorology Weather Rain Disaster Management Centre
By R.rishma Sep 11, 2026 05:17 AM GMT
Report

වියළි කාලගුණ තත්ත්වය පවතින ප්‍රදේශවලට ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මාස හතරකට ආසන්න කාලයක් පැවති දැඩි නියඟයට තාවකාලික සහනයක් ලබාදෙමින් මොණරාගල නගරය සහ ඒ ආසන්න ප්‍රදේශ රැසකට ඊයේ (10) පස්වරුවේ සාමාන්‍ය වර්ෂාපතනයක් ලැබී තිබේ.

මේ අතර, පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමේ මෙන්ම කෘෂිකර්මාන්තය ඇතුළු විවිධ කර්මාන්ත සඳහා අවශ්‍ය ජලය සපයා ගැනීමේ දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින බව වාර්තා වේ.

හිටපු ජනපති ගෝඨා FCIDයට

හිටපු ජනපති ගෝඨා FCIDයට

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල මෙන්ම යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව, කුරුණෑගල, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය තවදුරටත් අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි.

එවැනි පසුබිමක, ඊයේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 8ක පුද්ගලයින් 135,037 දෙනෙකු පානීය ජලය සපයා ගැනීමේ ගැටලුවට මුහුණ පා සිටි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

කෙසේ වෙතත්, ප්‍රදේශ කිහිපයකට වර්ෂාව ලැබීමත් සමඟ පානීය ජල ගැටලුවට මුහුණ දී සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වන විට යම් ප්‍රමාණයකින් අඩු වී ඇති බවද වාර්තා වේ.  

අද දවස කාටද සුබ? කාටද අසුබ? ප්‍රවේශම්කාරී විය යුතුම ලග්න හිමියන් 4 දෙනෙක්

අද දවස කාටද සුබ? කාටද අසුබ? ප්‍රවේශම්කාරී විය යුතුම ලග්න හිමියන් 4 දෙනෙක්