රියදුරු බලපත්‍රයක් ගැනීම සදහා ඔබත් බලාපොරෙත්තුවෙන් සිටින අයෙක් ද..? නැතිනම් රියදුරු බලපත්‍රය අළුත් කර ගැනීම සදහා සිටින අයෙක්ද...? එසේනම් මෙන්න ඔබට නොදත් කරුණු රැසක්.
නව ස්මාට් කාඩ් රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා උපදෙස් මෙම රියදුරු බලපත්‍රය ක්‍රම දෙකකට නිකුත් කෙරේ.
පළමු ක්‍රමය - වේරහැර බලපත්‍ර නිකුත් කරන ප්‍රධාන කාර්යාලයේදී හා කුරුණෑගල, කළුතර, හම්බන්තොට, ගම්පහ ( මීගමුව උපකාර්යාලයක් පිහිටා ඇත) අනුරාධපුරය, යාපනය, මොණරාගල, නුවර දිස්ත්‍රික්ක කාර්යාලවලදී මාර්ගගත (ONLINE) ක්‍රමය.
දෙවන ක්‍රමය - අනෙකුත් දිස්ත්‍රික් කාර්යාලවලදී මාර්ග අපගත (OFFLINE) ක්‍රමය.
පොදු අවශ්‍යතා
රියදුරු බලපත්‍රයක් සම්බන්ධයෙන් සිදුකරන ඕනෑම කටයුත්තකදී පහත අවශ්‍යතා සම්පුර්ණ විය යුතුය.
- අයදුම්කරු පෞද්ගලිකවම පැමිණිය යුතුය.
- ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත් අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය රැගෙන ආ යුතුය.
- මාර්ග ගත ක්‍රමය භාවිතා වන කාර්යාල වලින් සේවය ලබාගැනීමේදී ඡායාරූප රැගෙන ඒම අවශ්‍ය නොවන අතර පරිගණක ක්‍රියාවලියේදී අදාළ ඡායාරූප ලබා ගනු ලැබේ.
- මාර්ග අපගත ක්‍රමය භාවිතා වන කාර්යාල සඳහා පාස්පෝට් ප්‍රමාණයේ ලා පැහැති පසුබිම සහිත කළු සුදු ඡායාරූප 02 ක් අවශ්‍යවේ.
සැහැල්ලු වාහන සඳහා නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම
- වයස අවුරුදු 17 සම්පුර්ණ වී ඇත්නම් ලියාපදිංචි වී ලිඛිත පරීක්ෂණය සඳහා ඉදිරිපත් විය හැකිය.
- ලිඛිත පරීක්ෂණයෙන් සමත් වුවහොත් උපරිම මාස 18 දක්වා පුහුණුවන්නන්ගේ අවසර පත්‍රයක් (Learner’s Permit) නිකුත් කරනු ලැබේ.එම අවසර පත්‍රය දරන්නෙකුට රිය පැදවීමට පුහුණු විය හැක.
- ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටීමට වයස අවුරුදු 18 සම්පුර්ණ විය යුතු අතර පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය ලබා අවම වශයෙන් මාස 03 ක් සම්පුර්ණ වී තිබිය යුතුය.
- ප්‍රායෝගික පරීක්ෂණයට ඉදිරිපත් වී ඉන් සමත් විය යුතුය. පරීක්ෂණය සඳහා නොපැමිණි අවස්ථාවන්ද ඇතුළුව ලිඛිත පරීක්ෂණ සඳහා උපරිම අවස්ථා 03 හා ප්‍රායෝගික පරීක්ෂණය සඳහා උපරිම අවස්ථා 04 ක් ද හිමිවේ. එම කාලය තුළ සමත් වුයේ නොහැකි නම් අයදුම්පත අවලංගු වේ.
අවශ්‍ය ලියකිවිලි
- ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත් අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය.
- උප්පැන්න සහතිකයේ මුල් පිටපත.
- මෙහිදී අදාල රෙජිස්ට්‍රාර් කොට්ඨාශයේ ලියාපදිංචි කරන ලද උප්පැන්න සහතිකය ඉදිරිපත් කළ යුතුය.
- එහි ඡායා පිටපතක් හෝ වෛද්‍ය රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කරන ලද පිටපත හෝ නොමිලේ නිකුත් කරන ලද පිටපත හෝ ඉංශ්‍රිසි පරිවර්තන හෝ උප්පැන්න සහතිකයේ උපුටා ගත් සටහන ප්‍රමාණවත් නොවේ.
- ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ මාස 06 කට නොවැඩි කාලයක් තුළදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.
- විදේශිකයෙකු නම් විදේශ ගමන් බලපත්‍රය සහ අයදුම්කරන දින සිට ඉදිරියට මාස 06 කට නොඅඩු වීසා බලපත්‍රය.
බර වාහන සඳහා රියදුරු බලපත්‍රය දිර්ඝ කර ගැනීම
- අයදුම්කරන දිනට අවම වශයෙන් වසර 02 කට ප්‍රථම සැහැල්ලු වාහන (ද්විත්ව හා/හෝ ත්‍රීරෝද රථ වාහන පංතී පමණි) බලපත්‍රයක් දරන්නෙකු විය යුතුය.
- සැහැල්ලු මෝටර් බස් හා මෝටර් ලොරි කාණ්ඩයක් ලබා ගැනීම සඳහා අවම වශයෙන් උස අඩි 4 අඟල් 10 විය යුතුය. මෝටර් බස් හා මෝටර් ලොරි කාණ්ඩය ලබා ගැනීම සඳහා අවම උස අඩි 5 ක් තිබිය යුතුය.
- වයස අවුරුදු 20 සම්පුර්ණ වී ඇත්නම් ලියාපදිංචි වී ලිඛිත පරීක්ෂණය සඳහා ඉදිරිපත් විය හැක.
- ලිඛිත පරීක්ෂණයෙන් සමත් වුවහොත් උපරිම මාස 18 ක් දක්වා පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය නිකුත් කරනු ලැබේ.
- එම අවසර පත්‍රය දරන්නෙකුට රිය පැදවීමට පුහුණු විය හැකිය. මෙම පුහුණුව බලයලත් රියදුරු උපදේශකයෙකු යටතේ විය යුතුය. පුහුණුව අවසානයේ අයදුම්කරු වෙත ප්‍රවීණතා සහතිකයක් ලබා දිය යුතුය. ප්‍රායෝගික පරීක්ෂණයට ඉදිරිපත් වන අවස්ථාවේ මෙම ප්රවීනතා සහතිකය ඉදිරිපත් කළ යුතුය.
- ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 06 කට නොවැඩි කාලයකදී බර වාහන සඳහා ලබා ගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකයක් ලියාපදිංචි වන අවස්ථාවේදී ඉදිරිපත් කළ යුතුය.
- ප්‍රායෝගික පරීක්ෂණයට ඉදිරිපත් වීමට වයස අවුරුදු 21 සම්පුර්ණ විය යුතු අතර පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය ලබා අවම වශයෙන් මාස 03 ක් සම්පුර්ණ වී තිබිය යුතුය.
- ප්‍රායෝගික පරීක්ෂණයට ඉදිරිපත් වී ඉන් සමත්විය යුතුය. පරීක්ෂණය සඳහා නොපැමිණි අවස්ථාවන්ද ඇතුලත්ව ලිඛිත පරීක්ෂණ සඳහා උපරිම අවස්ථා 03 හා ප්‍රායෝගික පරීක්ෂණය සඳහා උපරිම අවස්ථා 04 ක්ද හිමිවේ. එම කාලය තුළ සමත් වුයේ නොහැකි නම් අයදුම් පත අවලංගු වේ.
අවශ්‍ය ලියකිවිලි
- ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත් අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය.
- උප්පැන්න සහතිකයේ මුල් පිටපත.
- ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 06 කට නොවැඩි කාලයකදී බර වාහන සඳහා ලබා ගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.
- විදේශිකයකු නම් විදේශ ගමන් බලපත්‍රය සහ අයදුම්කරන දින සිට ඉදිරියට මාස 06 ට නොඅඩු වීසා බලපත්‍රය.
- සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය.
රියදුරු බලපත්‍රයේ වලංගු කාලය දීර්ඝ කර ගැනීම
මේ සඳහා අයදුම් කල හැක්කේ රියදුරු බලපත්‍රයේ වලංගු කාලය අවසන් වන දිනට, මාස තුනක කාලයක පූර්වයෙන් සිට ඉදිරියට පමණක් වේ
අවශ්‍ය ලියකියවිලි
- දැනට ඇති රියදුරු බලපත්‍රය
- ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත් අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය
- ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ මාස 06 කට නොවැඩි කාලයකදී ලබා ගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය
- විදේශිකයකු නම් විදේශ ගමන් බලපත්‍රය සහ අයදුම්කරන දින සිට ඉදිරියට මාස 06 ට නොඅඩු වීසා බලපත්‍රය
වැදගත් - රියදුරු බලපත්‍රයේ වලංගු කාලය ඉක්මවන සෑම වසරක් වෙනුවෙන්ම රු 250/- ක දඩ මුදලක් බැගින් අයවේ.
රියදුරු බලපත්‍රයට නව වාහන පංති ඇතුළත් කර ගැනීම
රියදුරු බලපත්‍රයට නව වාහන පංති ඇතුළත් කර ගැනීම ( සැහැල්ලු වාහන කාණ්ඩ)
- ඉල්ලුම් කරනු ලබන වාහන පංතිය පැදවීමට පුහුණුවීම සඳහා පුහුණු වන්නන්ගේ අවසර පත්‍රය (Learner’s Permit) නිකුත් කෙරේ.
- පුහුණු වන්නන්ගේ අවසර පත්‍රය ලබා අවම මාස 03 කාලයක් සම්පුර්ණ වු පසු ප්‍රායෝගික පරීක්ෂණයට ඉදිරිපත් වී ඉන් සමත් විය යුතුය.
අවශ්‍ය ලියකියවිලි
- දැනට ඇති රියදුරු බලපත්‍රය
- ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත් අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය
- ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ මාස 06 කට නොවැඩි කාලයකදී ලබා ගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය( සැහැල්ලු වාහන සඳහා)
- උප්පැන්න සහතිකයේ මුල් පිටපත.
රියදුරු බලපත්‍රයට නව වාහන පංති ඇතුළත් කර ගැනීම
- ( බර වාහන කාණ්ඩ) මේ සඳහා අයදුම්කිරීමට සැහැල්ලු රියදුරු බලපත්‍රය (ත්‍රීරෝද හා/හෝ ද්විත්ව කාර්ය වාහන පංති සහිත) අවම වශයෙන් වසර 02 ක් වත් පැරණි විය යුතුය.
- මෙහිදී ලිඛිත පරීක්ෂණයට ඉදිරිපත්වී ඉන් සමත් විය යුතු අතර සමත් අයදුම්කරුවන්ට (Learner’s Permit) පුහුණුවන්නන්ගේ අවසර පත්‍රයක් නිකුත් කරනු ලබයි.
- පුහුණු වන්නන්ගේ අවසර පත්‍රය ලබා අවම මාස 03 ක කාලයක් සම්පුර්ණ වු පසු ප්‍රායෝගික පරීක්ෂණයට ඉදිරිපත්වී ඉන් සමත් විය යුතුය.
අවශ්‍ය ලියකියවිලි
- දැනට ඇති රියදුරු බලපත්‍රය
- ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය
- ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ මාස 06 කට නොවැඩි කාලයකදී ලබා ගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය
- (බර වාහන සඳහා) උප්පැන්න සහතිකයේ මුල් පිටපත.
රියදුරු බලපත්‍රයේ අනුපිටපතක් ලබාගැනීම
අවශ්‍ය ලියකියවිලි
- රියදුරු බලපත්‍රය නැතිවී නම් ඒ බව සඳහන් කරමින් මාස 06 ක කාලයක් තුල ලබාගත් පොලිස් පැමිණිලි පිටපත.
- පළුදු වී / මැකී අත්නම් එම රියදුරු බලපත්‍රය.
- ජාතික හැඳුනුම්පත හෝ හැඳුනුම්පත් අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය.
- නැතිවු / පළුදු වු රියදුරු බලපත්‍රයේ කුමන හෝ වාහන පංතියක වලංගු කාලය ඉක්මවා ඇත්නම් හෝ නැතිවු / පළුදු වු රියදුරු බලපත්‍රය පැරණි රියදුරු බලපත්‍රයක් නම් ජාතක ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 06 ට නොවැඩි කාලයකදී ලබා ගන්නා යෝග්‍යතා වෛද්‍ය සහතිකය.
රියදුරු බලත්රයේ තොරතුරු සංශෝධනය කිරීම
අවශ්‍ය ලියකියවිලි
- දැනට ඇති රියදුරු බලපත්‍රය
- ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත් අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය
- නම වෙනස් කිරීම සඳහා උප්පැන්න සහතිකය / විවාහ සහතිකය /දික්කසාද සහතිකය හෝ පිළිගත හැකි වෙනත් ලියකියවිලි
- ලිපිනය වෙනස් කිරීම සඳහා ප්‍රාදේශිය ලේකම්ගේ අනු අත්සන් සහිත ග්‍රාමනිලධාරී පදිංචි සහතිකය.
- සංශෝධනය කර ගැනීමට ඇති වෙනත් තොරතුරක් වේ නම් ඒ සඳහා පිළිගත හැකි ලිඛිත සාක්ෂි
උදා: ලේ වර්ගය සංශෝධනය කිරීම - ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් ලබා ගත් වෛද්‍ය සහතිකය.
පැරණි ක්‍රමය යටතේ නිකුත් කර ඇති රියදුරු බලපත්‍රය නව SMART CARD රියදුරු බලපත්‍රක් බවට පරිවර්තනය කිරීම
අවශ්‍ය ලිපි ලේඛන
- දැනට ඇති රියදුරු බලපත්‍රය
- ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත් අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය
- (ජාතික හැඳුනුම්පත අංකය සඳහන්) ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 06 කට නොවැඩි කාලයකදී ලබා ගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය
- උප්පැන්න සහතිකයේ මුල් පිටපත
- පැරණි රියදුරු බලපත්‍රය අස්ථානගතවී ඇත්නම් පමණක් මාස 06 තුළ ලබා ගත් පොලිස් පැමිණිලි පිටපත
විදේශ රියදුරු බලපත්‍ර මත දේශිය රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම ( දේශිය පුරවැසියන් සඳහා)
වැදගත් - මේ යටතේ නිකුත් කරනු ලබන්නේ සැහැල්ලු වාහන ( යතුරු පැදි සහ ද්විත්ව කාර්ය) රියදුරු බලපත් පමණි.
අවශ්‍ය ලිපි ලේඛන
- පරිවර්තනය කරනු ලබන දිනට වලංගු විදේශ රියදුරු බලපත්‍රය.( තාවකාලික හෝ පුහුණුවන්නන් සඳහා වු රියදුරු බලපත්‍ර මේ සඳහා වලංගු නොවේ.) මෙම විදේශ රියදුරු බලපත්‍රය ඉංශ්‍රීසි භාෂාවෙන් නොවන විට ලියාපදිංචි භාෂා පරිවර්තකයකුගෙන් ලබාගත් ඉංශ්‍රීසි භාෂා පරිවර්තනයක් ඉදිරිපත් කළ යුතුය. චීන, ජපන්, කොරියන් රියදුරු බලපත්‍ර සඳහා අදාල තානාපති කාර්යාලයෙන් ලබාගත් පරිවර්තනයක් ඉදිරිපත් කල යුතුය.
- ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ මාස 06 කට නොවැඩි කාලය තුළදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.
- ජාතික හැඳුනුම්පත් අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය විදේශීය රියදුරු බලපත්‍රය නිකුත් කළ කාලය තුළ, එය නිකුත් කිරීමට අදාළ රටෙහි වාසය කළ බව තහවුරු කෙරෙන වීසා පිටපත/විදේශීය හැඳුනුම්පත/ද්විත්ව පුරවැසි සහතිකය.
විදේශ රියදුරු බලපත්‍ර මත දේශීය රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම (විදේශිය පුරවැසියන් සඳහා)
වැදගත් - මේ යටතේ නිකුත් කරනු ලබන්නේ සැහැල්ලු වාහන (යතුරු පැදි සහ ද්විත්ව කාර්ය) රියදුරු බලපත් පමණි.
අවශ්‍ය ලිපි ලේඛන
- පරිවර්තනය කරනු ලබන දිනට වලංගු විදේශ රියදුරු බලපත්‍රය.
- (තාවකාලික හෝ පුහුණුවන්නන් සඳහා වූ රියදුරු බලපත්‍රය මේ සඳහා වලංගු නොවේ.) මෙම විදේශ රියදුරු බලපත්‍රය ඉංග්‍රීසි භාෂාවෙන් නොවන විට ලියාපදිංචි භාෂා පරිවර්තකයෙකුගෙන් ලබාගත් ඉංග්‍රීසි භාෂා පරිවර්තනයක් ඉදිරිපත් කළ යුතුය.
- වලංගු විදෙස් ගමන් බලපත්‍රය මෙය ඉංග්‍රීසි භාෂාවෙන් නොවන කල් හි ලියාපදිංචි භාෂා පරිවර්තකයෙකුන් ලබාගත් ඉංග්‍රීසි භාෂා පරිවර්තනයක් ඉදිරිපත් කළ යුතුය
- රියදුරු බලපත්‍රය අයදුම් කරන දිනයේ සිට ඉදිරියට මාස 06 කට නොඅඩු වීසා කාලයක් සහිත වීසා බලපත්‍රය ( වීසා බලපත්‍රයේ කාල සීමාව මාස 06 ට වඩා අඩු වන කල්හි , වීසා කාල සීමාව අනුව තාවකාලික දේශිය රියදුරු බලපත්‍රයක් නිකුත් කරනු ලැබේ.
- ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ මාස 06 කට නොවැඩි කාලය තුළදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය(තාවකාලික රියදුරු බලපත්‍රය සඳහා මෙය අදාල නොවේ.)විදේශ තානාපති සේවාවකට අයත් අයෙකු නම් එය සනාථ කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිකුත් කරනු ලබන ලිපිය.
එක්දින සේවය යටතේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම
- රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සිදු කරනු ලබන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හම්බන්තොට, අනුරාධපුර හා වේරහැර රියදුරු බලපත් කාර්යාලවල පමණක් ක්‍රියාත්මක වේ. මෙහිදී නිකුත් කරනු ලබන ටෝකන් ප්‍රමාණය සීමා සහිත බැවින් පෙරවරුවේ පමණක් රියදුරු බලපත් ලබා ගැනීම සඳහා අයදුම්පත් භාරගනු ලැබේ.
සාමාන්‍ය සේවාව යටතේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම
-
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවවේ සියලු දිස්ත්‍රක් කාර්යාලවල සහ වේරහැර කාර්යාලයේ ක්‍රියාත්මක වේ.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |