මහින්දානන්ද සමග වෙළඳසැලකදී ගැටුමක් ඇවිලෙයි.. අයෙක් රෝහලේ..

Mahindananda Aluthgamage Sri Lanka Politician
By Aruna May 02, 2022 07:15 AM GMT
Report

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයා පහරදුන් බව කියන පුද්ගලයෙකු ගම්පොල රෝහලට ඇතුළත් වී තිබෙනවා.

නාවලපිටිය වැටකෙදෙණිය ප්‍රදේශයේ සමගි ජන බලවේගය ක්‍රියාකාරිකයෙකු මෙසේ රෝහල් ගත වී ඇති බවයි පැවසෙන්නේ.

එම පහර දීම සම්බන්ධයෙන් ඔහු සහ ඔහුගේ බිරිඳ පොලිසියට පැමිණිලි කර තිබේ.

ප‍්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකට හිටපු අමාත්‍යවරයා සහභාගී වී යන අතර තමා හා සැමියා පවත්වාගෙන යන වෙළෙඳසලට පැමිණ මෙම පහරදීම සිදුකළ බවද පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් වෙයි.

සමගි ජන බලවේගය දේශපාලන කටයුතුවල නිරතවීම නිසා මෙසේ පහර දුන් බවත් මීට පෙර අවස්ථාවකදී ද අමාත්‍යවරයාගේ ආධාරකරුවන් තමාට පහර දී ඇති බවත් ඔහු සඳහන් කරයි.

කෙසේවෙතත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරන්නේ තමන් මෙවන් පහරදීමක් සිදු නොකළ බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න....
Join now