හැමෝම කතාවෙන මොකද්ද මේ උද්දමනය කියන්නේ .. ඇයි උද්දමනයට භාණ්ඩ මිල ඉහල යන්නේ .

Sri Lanka
By Subodha May 03, 2022 10:26 AM GMT
Subodha

Subodha

in රචනා
Report

 ශ්‍රි ලංකාවේ මේ වන විට භාණ්ඩ මිල දිනෙන් දින ඉහල යමින් පවති.

මෙසේ ඉහල යමින් පවතින වට පිටාවක මෙරට තුල නව මුදල් ද අච්චු ගැසෙමින් පවතී.

උද්දමනය සෑම රටක් පාහේම සිදුවන දෙයක් නමුත් ශ්‍රි ලංකාවේ උද්දමන විශාල වශයෙන් ඉහල යන බව සමාජයේ මතයයි.

මොකද්ද මේ උද්ධමනය කියන්නේ අඛණ්ඩ සහ නිරන්තර සාමාන්‍ය මිල මට්ටමේ ඉහල යෑමක් ලෙස නිර්වචනය කල හැක.

යම් කිසිකාල පරිචිඡේදයක් තුල ආර්ථිකයේ භාණ්ඩ හා සේවාවල සාමාන්‍යය මිල මටිටමේ අඛණ්ඩ වර්ධනය උද්ධමනය ලෙස හැදින් වේ.

තාවකාලික ලෙස භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම උද්ධමනය ලෙස සලකනු ලබන්නේ තැත. උද්ධමනය රටින් රටට වෙනස් වේ.

දියුනු රටවල උද්ධමනය 2%- 3%ක මට්ටමක පවති, ඵය සාමාන්‍යය තත්වයකි නමුත් ඵය 8%- 9% පවති නම් ඵය උද්ධමනයේ සැලකිය යුතු තත්වයකි.

ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මගින් ගණනය කරනු ලබන මාසික උද්ධමන අනුපාත වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය පළමුවරට 20% සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ජාත්‍යන්තර උද්ධමන දර්ශක අනුව ශ්‍රී ලංකාවේ උද්ධමනය 20% සීමාව ඉක්මවා ගිය ද ජාතික පාරිභෝගික මිල දර්ශකය මෙරට උද්ධමන දර්ශකය 20% සීමාව ඉක්මවා ගිය බව වාර්තා කළ පළමු අවස්ථාව මෙයයි.

ඒ අනුව පෙබරවාරි මාසයේදී 17.5% ක්ව තිබූ මෙරට උද්ධමනය අනුපාතය අප්‍රේල් මාසය වන විට දැක්වෙන්නේ 21.5% ලෙසටයි.   

උද්ධමනය කොටස් වශයෙන් බෙදා දැක්විය හැකිය
  • මන්දගාමි උද්ධමනය
  • ජවන උද්ධමනය
  • අතිධාවන උද්ධමනය 

මන්දගාමි උද්ධමනය

මිළ ගනන් සෙමෙන් වැඩින්නේ නම් මෙය මන්දගාමි උද්ධමනය වේ.

උදාහරණයක් ලෙස ලංකාවේ 1970 ගනන්වල මෙවැනි තත්වයක් පැවතින

ජවන උද්ධමනය

සියයට 20,100,200,අගය කින් උද්ධමන වේගය වැඩි නම් ජවන උද්ධමනය ඇති වේ.

උදාහරණයක් ලෙස ආර්ජන්ටිනාව,බ්‍රසිලය වැනි රටවල 1980 ගනන්වල මෙවැනි තත්වයක් පැවතින.

අතිධාවන උද්ධමනය

ඉතා ඉහළ අගයක් සහිතව මෙය පවති.

 උදාහරණයක් ලෙස දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජර්මනිය තුල මෙය දක්නට ලැබින. 

උද්ධමනය මනින ලබන ප්‍රධාන ක්‍රම
  • මිල දර්ශක භාවිතා කර

                   උදා-පාරි‍භෝගික මිළ දර්ශකය, නිෂ්පාදන මිළ දර්ශකය

  • දළ දේශීය නිෂ්පාදිතය භාවිතා කර   
උද්ධමනය යන්න ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකි ය.
  • ඉල්ලුමෙන් ඇදුනු උද්ධමනය
  • පිරිවැයෙන් තල්ලු වු උද්ධමනය 

ඉල්ලුමෙන් ඇදුනු උද්ධමනය

කේන්සියානු න්‍යායට අනුව සමස්ත ඉල්ලුම ඉහළ යනවිට ඉල්ලුම් වක්‍රය දකුනට විතැන් විම නිසා ඉල්ලුමෙන් ඇදෙන උද්ධමනය ඇති වේ.

එනම් සමස්ත ඉල්ලුම ඉහළ යන නිසා සේවා නියුක්තිය ඉහළ යයි .

සේවා නියුක්තිය ඉහළ යන විට සමස්ත ඉල්ලුම ඉහළ යයි මෙහි දි මිලට ඇති වන බලපැම තිරනය කරනුයේ සමස්ත සැපයුම් වක්‍රයේ හැඩ යයි 

ඉල්ලුමෙන් ඇදුනු උද්ධමනය ඇති විමට බලපාන හේතු

  • රාජ්‍යය හා පෞද්ගලික අංශයේ පරිභෝජන වියදම් ඉහළ යාම
  • රාජ්‍යය හා පෞද්ගලික අංශයේ ආයෝජන වියදම් ඉහළ යාම
  • මුදල් සැපයුම වැඩිව විම
  • විදේශිය ඉල්ලුම ඉහළ යාම
  • සේවා නියුක්තිය ඉහළ යාම
  • මුල්‍යය සාධක ආශ්‍රයෙන් 

සමස්ත ඉල්ලුම ඉහළ යන්නෙ මුදල් සැපයුම ප්‍රසාරනය විමේදිය. මෙහි දි මුදල් සැපයුම ඉහළ ගොස් මුදල් ඉල්ලුම නොවෙනස්ව පැවතිය හොත් පොලිය පහළ යයි. මෙහි දි අයෝජනය මෙන්ම පරිභෝජනය ද ඉහළ ගොස් සමස්ත ඉල්ලුම ඉහළ යාම තුලින් උද්ධමනය හට ගනි.  

පිරිවැයෙන් තල්ලු වු උද්ධමනය

පිරිවැයෙන් තල්ලු වු උද්ධමන තත්වයක දි නිශ්පාදන පිරිවැය ඉහළ යයි එවිට භාණ්ඩ හා සේවා සැපයුම පහළ ගොස් සාධක ඉල්ලුම ද පහළ යයි.

මේ නිසා සමස්ත සැපයුම් වක්‍රය වමට විතැන් වේ. 

පිරිවැයෙන් තල්ලු වු උද්ධමනය ආකාර 04කි.

  • වැටුපෙන් තල්ලු වු උද්ධමනය
  • ලාභ තල්ලු වු උද්ධමනය
  • අමු ද්‍රව්‍ය හා අතර මැදි භාණ්ඩ වල මිල ඉහළ යාමෙන් හට ගැනෙන උද්ධමනය
  • විනිමය අව ප්‍රමානය විම හේතුවෙන් හට ගැනෙන උද්ධමනය 
උද්ධමනයේ ප්‍රතිවිපාක

උද්ධමනය නිසා ආර්ථික දුර්විපාක එයට එක්වන සමාඡ දුර්විපාක වලින් තවත් තීව්‍ර වේ.

අ‍දායම් රටාවන්වල ඇතිවන වෙනස්කම් ,සේවා වියුක්තිය ඉහල යෑම ආදිය නිසා සමාඡ දුර්විපාක උද්ධමනය නිසා ඡනිත වේ.

තවද සීඝ්‍ර ලෙස පහත වැටෙන ඡනතා ඡීවන තත්වය නිසා දේශපාලන කරලිය තුලද මහා ඝට්ඨනයක් හා කැලඹීම් ඇති වේ.

මේ නිසා ආර්ථික විද්වතුන්ගේ ඒකමතික අදහසනම්,තිරසාර ආර්ථික සංවර්ධනයක් ලගාකර ගැනීම සදහා අත්‍යාවශ්‍ය මුලික සාධක‍යක් ලෙස මිල ම‍ට්ටම්වල ස්ථායීතාවය පෙන්වාදිය හැකි බවයි.

උද්ධමනයේ ආර්ථික ප්‍රතිවිපාක විවිධ වේ.

ඒවා එකක‍ට එකක් වශයෙන් සම්බන්ධව පවතී.

එක් උද්ධමන විචල්‍යයක ඇතිවන වෙනසක් තවත් විචල්‍යයක වෙනසකට හේතු වේ.

උද්ධම‍න ප්‍රතිවිපාක කිහිපයක් පහත දැක්වේ.  

  • ආදායම් නැවත බෙදීයාමක් ඇති වීම.
  • උද්ධමනය මුල්‍ය වෙළදපලට අහිතකර බලපෑම් එල්ල කරයි
  • ආර්ථිකය තුල නිෂ්පාදන රටාව වෙනස් වීම
  • උද්ධමනය නිසා මිල ක්‍රමයත් සම්පත් වෙන් කිරීමත් අවුල් වේ 
අති උද්ධමන ආර්ථිකයක්

අති උද්ධමන සමයේදි රත්‍රන් ඉතා වටිනා තැන්පතුවකි උද්දධමනය සමයන්හි රන්මිල, නෝට්ටුවල වටිනාකමට වඩා ශිග්‍රයෙන් ඉහළ යයි.

අති උද්ධමයකට මුහුණ දෙන රටවල බැංකු විසින් විශාල වටිනාකම් ඇති නෝට්ටු හඳුන්වාදිම සිදුකරයි.

කුඩා අගයක් ඇති නෝට්ටුවල වටිනාකම ඉතා අඩුවීයාම ඊට හේතුවයි.

මෙහිදි ඉතා විශේෂ නෝට්ටු නිපදවේ. 1000 හා 5000 ඊට වැඩි නෝට්ටු මීට ඇතුළත්ය.

1923 අගභාගයේ වෙයිමාර් සමුහාන්ඩුව විසින් මිලියන පනහක අගයක් ඇති නෝට්ටුවක් හා මුද්දර නිකුත් කරන ලදී.

දෙවන ලෝක යුද්ධ සමයේ මාසික උද්ධමනයේ ඉහළ අගයේ වාර්තාව භංගේරියාව තැබීය.

මාසික උද්ධමනය 41 900 000 00 000 000% (4.9 ×10 16) - සියයට ක්වින් ට්‍රිලියන 42 ක් පමණ අගයක් 1946 ජුලි මස වාර්තා වු අතර සැම පැය පහළවකටම වතාවක් මිල දෙගුණ විය. 

ඉහළ අගයක් මුද්‍රණය වැළැක්විමට ඇති ක්‍රමය නම් නව මුදල් ඒකක හදුන්වාදිමයි.

ඩොලර් බිලියන 10 නෝට්ටුවක් මුද්‍රණය වෙනුවට නව ඩොලර් 12 නොට්ටුවක් මුද්‍රණය කළ හැකිය.

උදා ලෙස 2005 ජනවාරි 1 සිදුවු ටර්කිහි ලීරා මුදල් ප්‍රතිප්‍රමාණයේදී පැරණි ලීරා මිලියනයක් නව ලිරා 1 ක් ලෙස නම් කළේය.

මෙහිදී සත්‍ය මිල අගය පහත නොවැටෙන අතර මෙය නාවික මිල කිරීම ලෙස හදුන්වයි.

ඕනෑම සම්මත උද්ධමනයක් ඇති රටක් කාලයක් සමග මෙවන් නැවත මිල කිරිම් කරන නමුත් අති උද්ධමනයක් ඇති රටක එලෙස කිරීමට පෙර සිග්‍රයෙන් මිල ඉහළ නගී.

සමහර බැංකු නෝට්ටු සම අගය වෙනස්වීම පෙන්විමට ලකුණක් විය.

ඊට හේතුව නව නෝට්ටු මුද්‍රණය කිරිම ප්‍රමාද විම නිසා, ඒවා මුද්‍රණය කරන විට එහි අගය භාවිතා කිරිමට නොහැකි තරම් පහළ ගොස් තිබිම නිසාය.

ලෝහ කාසි අති උද්ධමනයේ ආවපාතිකයක් විය. ලෝහයේ අගය කාසියේ වටිනාකම වැඩි විමට හෙතුවයි.

බොහෝ කාසි උණුකර විදේශ ව්‍යවහාර මුදල් ලෙස අපනයනය කරන ලදි. ඇමරිකා එක්සත් ජනපදේ "පෙනි" කාසියට මෙසේ වර්තමානයේ සිදුවේ. රජයකට සත්‍ය උද්ධමනය හැංගිමට ක්‍රම ඇත.

සංඛ්‍යාන වාර්තා විකෘති කිරීම (සැපයුම, උද්ධමනය හෝ සංචිතය) මෙම සංඛ්‍යාත පළ කිරීම මර්දනය මිල හා වැටුප් පාලනය ඉතිරි කිරිමේ ක්‍රම වලට බල කිරිම් මුදල් සංසරණය අවම කර ඉල්ලුම හා සැපයුම පාලනය මෙහි අරමුණයි.

පාරිභෝගික මිල දර්ශකයේ ඇති මිල ශීග්‍රයෙන් වැඩිවන භාණ්ඩ එම ලැයිස්තුවෙන් ඉවත් කිරීම ඉහත කුමන දේ කළත් උද්ධමනයේ හේතුව නැතිවෙන්නේ නැත.

එමෙන්ම මෙවැනි සැගවිම් හසු වුවහොත් ජනතාව තුළ මුදල පිළිබද විශ්වාසය පළුදු වී තව දුරටත් උද්ධමනය ඉහළ යාමට හේතු විය හැකිය.

මිල පාලනය හේතුවෙන් භාණ්ඩ සැඟවීම මගින් පාලන කල භාණ්ඩ වලට අධික ඉල්ලුමක් ඇතිවිය හැකි අතර එබැවින් සැපයුම අඩාල වි භාණ්ඩ නිෂ්පාදනය නැතිවි හැකිය.

මිල පාලනය නිසා පාඩු ලැබීම නිෂ්පාදනය අඩාල විමට හේතුවයි. 

උද්ධමනයේ පිරිවැය

මෙය පහත ආකාරය විස්තර කළ හැක.

  • අපේක්ෂිත උද්ධමනය
  • අනපේක්ෂිත උද්ධමනය

අපේක්ෂිත උද්ධමනය

උද්ධමනය පිළිබඳ අපේක්ෂාවන් තුළින් උද්ධමන හටගත හැක.අනාගතයේ ඉහළ උද්ධමනයක් අපේක්ෂා කළහොත්, ශ්‍රමිකයන් ඉහළ වැටුප් ඉල්ලා සිටිම පාරිභෝගික මිළදිගැනිම් ඉදිරියට ගෙන එයි

මෙම ක්‍රියාවලිය තුලින් උද්ධමන උත්තේජනය විය හැක උද්ධමනය පිළිබඳ නිවරදි අපේක්ෂාවන් ඇති කරවිම සදහා දැනුම පැවතිය යුතුය හා ආර්ථකය ස්ථායි විය යුතුය.

නිවරදි උද්ධමන අපේක්ෂණයන් ඇති කරගත හැකි නම් එවිට පවතිනුයේ අපේක්ෂිත උද්ධමනයයි.   

අනපේක්ෂිත උද්ධමනය

මෙය ආකාර දෙකකින් ඇති විය හැක. දැඩි උචිචාවචනයන්ට ආර්ථකය ලක් විමන් හා පුද්ගලයන් උද්ධමන අපේක්ෂණයන්ඇති කරලිමේ දොෂ නිසා 

උද්ධමනය සාර්ව ආර්ථික විචල්‍යයන්ට බලපාන ආකාරය

පරිභෝජනය

වර්තමාන උද්ධමනහන්ට වඩා අනාගත උද්ධමනය පහළ වේ යැයි සිතුවහොත් පරි‍භෝජනය පහළ දමයි. වර්තමාන උද්ධමනයට වඩා අනාගත උද්ධමනය ඉහළ වේ යයි සිතුවහොත් පරි‍භෝජනය ඉදිරියට ගෙනයයි එ තුලින් සමස්ත ඉල්ලුම ඉහළයාමෙන් උද්ධමනය ඇති වේ. 

ඉතිරිකිරිම්

උද්ධමනය හේතු වෙන් ඉතිරි කිරිම්වල ක්‍රය ශක්තිය පහළ යයි

ආයෝජනය

උද්ධමනය නිසා නිශ්පාදන පිරිවැය ඉහළයන බැවින් ආයෝජනය පහළ යා හැක.

එසේම උද්ධමනය හේතුවෙන් ඉහළයාම අවශ්‍යතාව ඉහළයාම ආයෝජනය අඩුකිරිමට පෙළබේ 

සේවා නියුක්තිය

මෙය ආකාර දෙකකින් බලපැම් ඇති වේ සේවා නියුකතිය ඉහළ යාම තුලින්, එනම් මුල්‍ය ප්‍රසාරනය හො ෆිස්කල් ප්‍රසාරන ප්‍රතිපත්ති තුලින් සමස්ත ඉල්ලුම ඉහළ දමා දල දේශිය නිශ්පාදන ඉහළ දමා සේවා නියුකතිය ඉහළ යැම හේතුවෙන් ඉල්ලුම වැඩි වි උද්ධමනය ඇති විම 

රාජ්‍ය අංශය

උද්ධමනය නිසා රාජ්‍යය වියදම් ඉහළ යයි මුර්ත රාජ්‍යය අයභාරය පහළ වැටේයි අන්තර් ජාතික වෙළඳ පොළ‍‍ උද්ධමනය නිසා හේතු වෙන් ආයාත ලාභ වේ, නිර්යාත පිරිවැය වැඩි වේ එම නිසා ගෙවුම් ශේෂයට අහිතකර වේ.

උද්ධමනය ආර්ථික වර්ධනයට බලපාන ආකාරය

උද්ධමනය හේතු වෙන් නිෂ්පාදන පිරිවැය ඉහළ යන විට ලාභය පහළ යන අතර සමාගම් නිෂ්පාදනය වැඩි කිරිම හා ආයොජන කිරිමට මැලිවන නිසා අඩු අර්ථක වර්ධනයක් සිදුවේ.

උද්ධමනය හේතු වෙන් ශ්‍රමිකයන් ඉහළ වැටුප් ඉල්ලා සිටින අතර ඉහළ වැටුප් ලභා දුන් විට නිෂ්පාදන පිරිවැය ඉහළ යන අතර සැපයුම පහළ යයි.

උද්ධමනය හේතු වෙන් කුටුම්භවල ක්‍රය ශක්තිය පහළ යාම.

එවිට සමස්ත ඉල්ලුම පහළ යන අතර නිමවුම හා සේවා සැපයුම පහළ යාම ආර්ථක වර්ධනයට අහිතකර වේ.

උද්ධමනය ආයාත හා නිර්යාත වලට බලපානු ලැබේ 

උද්ධමන පාලන

ඉල්ලුම් පාලනය

සමස්ත ඉල්ලුම් පහළ දැම්ම තුලින් උද්ධමන පාලනය කල හැක,මේ සදහා රාජ්‍යය වියදම් පහළ දැම්ම,බදු ඉහළ දැම්ම,සහනාධාර පහළ දැම්ම කළ යුතුය.

මුදල් සැපයුම පාලනය කිරිම

මුදල් නිකුතුව සිමා කිරිම මහා බැංකු ණය ලබා දිම සිමා කිරිම විවෘත වෙළඳ කටයුතු තුලින් මුදල් සැපයුම සීමා කළ හැක

  • වැටුප් සීමා කිරිම
  • රජයේ මිළ පාලනය
  • ඵලදායිතාවය ඉහළ දැමිම