අසල්වැසි ඉන්දියාවේ බිහිසුණු හෙලිකොප්ටර් අනතුරක්.(PHOTOS)
India
By Aruna
ඉන්දියාවේ චටිස්ගාර් ප්‍රාන්තයේ රායිපූර්හි ඊයේ සන්ධ්‍යාවේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් එහි සිටි නියමුවන් දෙදෙනා ජිවිතක්ෂයට පත්වී තිබෙන බව විදෙස් වාර්තා පවසනවා.
පුහුණු අභ්‍යාසයක නිරතව සිටි හෙලිකොප්ටර් යානය රායිපූර් ගුවන්තොටුපල වෙත ගොඩබස්වන අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති අතර එහිදී එය ගිනිගැනීමට ලක්වූ බවයි පැවසෙන්නේ.
කෙසේ නමුත්, අනතුරට ලක්වන අවස්ථාවේ යානයේ මගීන් කිසිවෙකු නොසිටි බවයි වාර්තා වන්නේ.
ප්‍රාන්ත රජයට අයත් මෙම හෙලිකොප්ටර් යානයේ අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
ඒ සම්බන්ධයෙන් ඉන්දීය සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙන්ම, චටිස්ගාර් ප්‍රාන්ත රජය ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |



