තෙල් මිල ඉහළ යෑම ගැන රජයෙන් බරපතළ ප්‍රකාශයක්

Fuel Price In Sri Lanka International Monetary Fund IMF Sri Lanka Economy of Sri Lanka Sinhala news
By R.rishma Sep 11, 2026 05:28 AM GMT
Report

ලබන මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව පවත්වන වත්මන් එකඟතාව අවසන් වීමට නියමිතව තිබුණද, ඉන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහනෙන් ඉවත් වන්නේද නැතහොත් ඉදිරි සංවර්ධන කටයුතු සඳහා එම අරමුදලේ සහය තවදුරටත් ලබාගන්නේද යන්න සම්බන්ධයෙන් රජය මෙතෙක් අවසන් නිල තීරණයක් ගෙන නොමැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පැවසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (10) පස්වරුවේ කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඉලක්ක සපුරාලීමේදී රට මේ වන විට ප්‍රශස්ත මට්ටමක පසුවන බැවින් ඉදිරි වාරික ලබාගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

හිටපු ජනපති ගෝඨා FCIDයට

හිටපු ජනපති ගෝඨා FCIDයට

මේ අතර, මැදපෙරදිග ගැටුම් යළි උත්සන්න වීමත් සමඟ ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ යා හැකිදැයි මාධ්‍යවේදීන් නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ ඉන්ධන මිල රජයේ පාලනයෙන් බැහැර කාරණයක් බැවින්, තත්ත්වය අනුව ඊට මුහුණ දීමට රජය කටයුතු කරන බවයි.

පසුගිය මැයි මාසයේදීද ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් දැඩි බලපෑමකට ලක්වූ ප්‍රජාවන් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය සහන ලබාදීම සඳහා රජය රුපියල් බිලියන 100ක මුදලක් වෙන් කළ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

යෝෂිතට එරෙහි නඩුවේ බොරු සාක්ෂි දුන් බව කියන සාක්ෂිකරුට එරෙහිව පියවර

යෝෂිතට එරෙහි නඩුවේ බොරු සාක්ෂි දුන් බව කියන සාක්ෂිකරුට එරෙහිව පියවර

එමෙන්ම එම අවස්ථාවේදී විදුලි ගාස්තු ඉහළ නොදමා, එමගින් ඇති වූ අමතර වැය බරද රජය විසින් දරාගත් බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ යාමක් සිදුවේද යන්න පිළිබඳව මේ මොහොතේ නිශ්චිත පුරෝකථනයක් සිදුකළ නොහැකි බවත්, තත්ත්වය අනුව අවශ්‍ය පියවර ගැනීමට රජය කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.  

විදේශගත ශ්‍රමිකයින්ගේ මරණ වන්දි මුදල ලක්ෂ 20 දක්වා ඉහළට

විදේශගත ශ්‍රමිකයින්ගේ මරණ වන්දි මුදල ලක්ෂ 20 දක්වා ඉහළට