දැඩි කොන්දේසි මත දුමින්ද දිසානායකට ඇප

Duminda Dissanayake Law and Order Latest Headlines Sinhala news Puwath.lk
By Shehan Jul 14, 2025 05:07 AM GMT
Report

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී දැඩි කොන්දේසි මත ඇප මත මුදාහැරීමට නියෝග කර ඇත.

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමු වූ රන් ආලේපිත ටී-56 ගිනිඅවියේ හිමිකාරිත්වය සම්බන්ධ විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පසුගිය මැයි 23 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අනුව, අද (14) දිනයේදී දුමින්ද දිසානායක මහතාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් රුපියල් 250,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදාහැරීමට නියෝග කර ඇත.

රාජිත වටලන්න සැලසුම් සූදානම් - කොමිසමෙන් දැඩි පියවර

රාජිත වටලන්න සැලසුම් සූදානම් - කොමිසමෙන් දැඩි පියවර

ශරීර ඇප ලබාදෙන පුද්ගලයින් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් විය යුතු බවටත්, සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයේ තැන්පත් කරන ලෙසත්, ඒ අනුව ඔහුට විදෙස් ගමන් තහනමක් පනවන බවටත් විනිසුරුවරයා නියෝග කළේය.

සැකකරු ඇප මත මුදාහැරීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දැඩි විරෝධයක් දැක්වුවද, ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා සිය නියෝගය ප්‍රකාශ කරමින් සඳහන් කළේ, සැකකරු සන්තකයේ ගිනිඅවියක් තබාගෙන ඇති බවට මෙතෙක් සාක්ෂි හමුවී නොමැති බැවින්, ඔහුව ඇප මත මුදාහැරීමට අධිකරණය තීරණය කළ බවයි.

තෙල් සංස්ථාවේ බඳවා ගැනීම් අත්හිටවෙයි

තෙල් සංස්ථාවේ බඳවා ගැනීම් අත්හිටවෙයි