තෙල් සංස්ථාවේ බඳවා ගැනීම් අත්හිටවෙයි
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහා නව බඳවා ගැනීම් සිදු නොකරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, නවීන තාක්ෂණික ක්‍රම භාවිතයත් සමඟ සංස්ථාව තුළ මානව සම්පත් අඩු කිරීමට හැකි වූ බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ, දැනට සේවය කරන පිරිස තම රැකියා සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවයි.
"2012 දී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් 3,290ක් පමණ සිටියා. නමුත් වර්තමානය වන විට අපි නවීන තාක්ෂණය උපයෝගී කරගෙන බොහෝ කටයුතු සැලසුම් කර තිබෙනවා. එවිට පෙර සිටි තරම් සේවක පිරිසක් අවශ්‍ය නොවෙනවා.
අපේ නව සැලසුමට අනුව 3,290ක් වූ සේවක පිරිස 2,031කට සීමා කර තිබෙනවා. දැනට සිටින බොහෝ දෙනෙක් මේ වසරේ සහ ලබන වසරේ විශ්‍රාම යනවා. ඔවුන් විශ්‍රාම ගිය පසු නව බඳවා ගැනීම් සිදු නොකරනවා.
අලුතින් බඳවා ගැනීම් නවත්වා ඇත. කාර්යක්ෂම නොවන සේවා බොහොමයක් අපි නතර කර තිබෙනවා. ඒ නිසා එම පිරිස්වල අවශ්‍යතාවය දැන් නැහැ."