මාමාගේ සහ පියාගේ ගැටුමට මැදි වූ පුතු පිහි පහරකින් මරුට..(VIDEO)

murder Thalavakale Watagoda Madhakubura Lindula hospital
By Sewvandhi Feb 06, 2022 08:30 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

තලවකැලේ, වටගොඩ මැදකුඹුර ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් පුද්ගල ඝාතනය සිදුව තිඛෙනවා. පොලිසිය පැවසුවේ ටගොඩ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණයෙක් මෙලෙස ඝාතනය ලක්ව ඇති බවයි.

මුදල් ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ කතාබහක් දුරදිග යාමෙන් ඝාතනයට ලක් වූ තරුණයාගේ පියා සහ මාමා අතර ගැටුමක් හටගෙන ඇති බවයි පැවසෙන්නේ. පසුව අදාළ තරුණයාද මෙම ගැටුමට සම්බන්ධ වී තිබෙනවා.

මෙම අවස්ථාවේදී සැකකාර මාමා උල් පිහියක් රැගෙන තරුණයාට පහරදී ඇති අතර, බරපතල තුවාල ලැබූ තරුණයා මරණයට පත්ව ඇත්තේ ළිඳුල රෝහලට රැගෙන යාමෙන් අනතුරුවයි. ප්‍රදේශවාසින් පවසන්නේ දෙපාර්ශවය අතර කලකසිට ආරවුලක් පවතින බවයි.

සැකකාරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා තලවකැලේ පොලිසිය පරීක‍ෂණ පවත්වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now