මහල් නිවාසයෙන් ඇද වැටුණු තරුණියගේ මරණය ගැන පෙම්වතා පොලිසියේ දී කියූ දේ..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Sep 09, 2023 03:00 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

එංගලන්තයේ පුරවැසිභාවය හිමි 27 හැවිරිදි තරුණියක් ගල්කිස්සේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකින් ඇද වැටී ජීවිතක්ෂයට පත්වී තිබේ.

වැඩිදුරටත් හෙළිවී ඇත්තේ, තම 29 හැවිරිදි පෙම්වතා සමග එහි මාස 6ක පමණ කාලයක් ඇය රැඳී සිට ඇති බවයි.

ගල්කිස්ස, අල්විස් මාවතේ පිහිටි මහල් නිවාසයක අද (09) අලුයම 2.40ට පමණ13 වැනි මහලෙන් තරුණියක් ඇද වැටී මියගොස් ඇති බවට ගල්කිස්ස පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

පොලීසිය අනාවරණය කරගෙන තිබෙන්නේ, පසුගිය මාර්තු මස 8 වනදා ඇය දිවයිනට පැමිණ ඇත්තේ වැල්ලවත්තේ පදිංචි 29 හැවිරිදි නීති ශිෂ්‍යයෙකු වන සිය පෙම්වතා හමුවීම සඳහා බවය.

අනතුරුව දෙදෙනා අදාළ මහල් නිවාස සංකීර්ණයේ එකට දිවි ගෙවා ඇති අතර එම තරුණයා ද ස්විට්සර්ලන්තයේ අධ්‍යාපනය ලබන අතරතුර මෙරටට පැමිණ ඇත්තේ පසුගිය වසරේදීය. ඔවුන් දෙදෙනා ෆේස්බුක් ඔස්සේ ප්‍රේම සම්බන්ධතාව ගොඩනගා ගෙන ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම අදාළ තරුණිය හෙට අලුයම නැවත එංගලන්තය බලා යෑමට සූදානම්ව සිටියදී එම අනතුරට මුහුණ පා ඇත. පොලීසිය පෙම්වතාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, ඊයේ රාත්‍රියේ දෙදෙනා අතර ආගම සම්බන්ධයෙන් සුළු බහින්බස්වීමක් ඇති වූ බවය.

එමෙන්ම ඔහු ඊයේ දහවල් බීර කෑන් 6ක් පමණ පානය කර සිටි බවත් රාත්‍රියේ නින්දට යෑමෙන් පසුව තම පෙම්වතියගේ කිසිඳු ප්‍රතිචාරයක් නොමැතිවීම හේතුවෙන් සිදුකළ සොයාබැලීමේදී ඇයගේ මළසිරුර දුටු බවත් ඔහු පොලීසිය හමුවේ පවසා තිබේ.

අනතුරුව අද දහවල් සිද්ධිය වූ ස්ථානය ගල්කිස්ස වැඩබලන මහෙස්ත්‍රාත් රත්නා ගමගේ මහත්මිය විසින් පරික්ෂා කරනු ලැබීය.

පොලීසිය පැවසුවේ හෙට (10) දිනයේදී සිදුකරන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව මෙය ඝාතනයක් ද සියදිවි නසාගැනීමක් ද යන්න පිළිබඳව අනාවරණය කරගෙන සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවය.

අභිරහස් ලෙස මියගිය තරුණියකගේ සිරුරක් හමුවෙයි..පොලිස් විමර්ශන අරභයි..

අභිරහස් ලෙස මියගිය තරුණියකගේ සිරුරක් හමුවෙයි..පොලිස් විමර්ශන අරභයි..