තරුණියක් පැහැරගෙන 80kmක් ගිහින්..පොලිසිය බලන් ඉද්දි වාහනය ලොක් කරගෙන තරුණියට කළ දේ මෙන්න..(PHOTOS)

Sri Lanka Police Sri Lanka
By Aruna Sep 15, 2022 06:09 AM GMT
Report

දික්වැල්ලෙන් මෝටර් රථයක දමාගෙන පැහැරගෙන යමින් සිටි ඇඟලුම් කම්හල් සේවිකාවක් බේරා ගැනීමට බද්දේගම පොලිසිය ඊයේ (14) උදෑසන සමත්ව තිබෙනවා.

ඒ ඇයව පැහැරගත් තරුණයන් දෙදෙනෙක්ද සමඟිනි.

ඒ එක් අයෙක් මෝටර් රථයේ රියැදුරු වන අතර, අනෙක් පුද්ගලයා එම ඇගළුම් කම්හල් සේවිකාව සමඟ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගිය අයකු බව පොලිසිය කියයි.

බද්දේගමදී බේරා ගන්නා විට ඇයව පැහැරගෙන කිලෝ මීටර් 80ක පමණ දුරක් රැගෙන විත් තිබී ඇත.

තිදරු මවක් වන එම ඇඟලුම් සේවිකාව සමඟ පැහැර ගැනීමට සම්බන්ධ තරුණයා වසර තුනක පමණ කාලයක් තිස්සේ අනියම් සම්බන්ධයක් පවත්වා තිබෙන බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

එම කාන්තාව සිය දරුවන් සහ සැමියා අතහැර මේ තරුණයා සමඟ එකට ජීවත්ව ඇති බවද කියයි.

මාස තුනකට පමණ පෙර ඇය එම තරුණයාගෙන්ද වෙන්ව අතුරුදන්ව සිට ඇත.

තරුණයා ඇයට තදින්ම පෙම්බැඳ සිට ඇති බවත් ඒ හේතුව නිසා ඔහු මාස තුනක් තිස්සේ ඇයව සොයන්නට දැඩි වෙහෙසක් ගෙන ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

ඒ අනුව ඇය දික්වැල්ලේ ඇඟලුම් කම්හලක සේවය කරන බව දැන ගත් තරුණයා සිය මිතුරකු සමඟ මෝටර් රථයේ දික්වැල්ලට ඊයේ (14) උදෑසන පැමිණ තිබේ.

මිතුරාට ඔහු කිසිවක් කියා නැති අතර “වැඩකට යමු. තෙල් ටිකක් මම ගහන්නම්“ යැයි පවසා ඇත.

දික්වැල්ලට පැමිණ ඇඟලුම් කම්හල ආසන්නයේ බස් නැවතුම් පොළේ මෝටර් රථය නතර කර ගෙන සිට ඇති බවත් ඇය බස් රථයෙන් බැස ගමන් කරනවාත් සමඟ මෝටර් රථයේ පිටුපස දොර විවර කර ඇයව බලහත්කාරයෙන් නන්වාගෙන ඇති බවත් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

එහිදී තරුණයා තමාව අතහැර නොයන ලෙසට ඇයට පින්සෙණ්ඩු වී ඇති බවත් ඇය ඊට කැමැත්තක් දක්වා නැති බැවින් දිගටම ඇයව මෝටර් රථයේ දමාගෙන ගමන් කර ඇති බවත් පොලිසිය කියයි.

දික්වැල්ලේ සිට මාතර දක්වා තංගල්ල මාතර ප්‍රධාන මාර්ගයේ ගමන් කළ මෝටර් රථය මාතරින් දක්ෂිණ අධිවේගි මාර්ගයට ඇතුළු කර කොළඹ දෙසට ධාවනය වී තිබේ.

අධිවේගි මාර්ගයෙන් මෝටර් රථය පිට වන්නේ බද්දේගම පිවිසුමෙනි.

එහිදී මුදල් ගෙවන ස්ථානයේ රාජකාරියේ සිටි පොලිස් නිලධාරියකුගේ නිරීක්ෂණයට ලක්ව ඇත්තේ මෝටර් රථයේ පිටුපස අසුනේ සිටි යුවලක් වෙතය.

පිරිමියා විසින් කාන්තාවගේ මුඛය අතින් වසාගෙන සිටින අයුරු නිරීක්ෂණය වූ එම නිලධාරියා ඒ බව සිය ගමන් කථන මඟින් දැනුම් දීමට පියවරගෙන ඇත්තේ බද්දේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් දැනුවත් කරමිනි.

එම අවස්ථාවේදි බද්දේගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින පොලිස් සැරයන් ඉරෝෂන් (52166) සහ කොස්තාපල් ධනංජය (89249) රථවාහන අංශයේ සේවයේ නිරතව සිට ඇති අතර, එම පණිවුඩව කන වැකුණු සැණින් ඔවුන් වහාම ක්‍රියාත්මක වෙමින් බද්දේගම නගරය වෙත ගමන් කර තිබේ.

එහිදී එම නිලධාරීන්ට අදාළ මෝටර් රථය නිරීක්ෂණය වී ඇති අතර, පරීක්ෂා කිරීමට එය නතර කර ඇත්තේ බද්දේගම නගරයට ආසන්නයේදීය.

එහිදී රියැදුරු පොලිස් අණට අනුව මෝටර් රථය නතර කර ඇතත් පිටුපස අසුනේ සිටි පුද්ගලයා එකවරම මෝටර් රථයේ දොරවල්වල අගුළු ලා ඇත.

අනතුරුව කාන්තාව ඔගෙන් බේරීමට දඟලමින් කෑගසා තිබේ.

එහිදී තරුණයා පිටුපස අසුනේ තිබුණු බෑගයකින් පිටතට ගත් පිහියකින් කාන්තාවට පහරදීමට පටන්ගෙන තිබේ.

එහිදී ඇය ඔහු සමඟ පොරබදමින් පිහි පහරවලින් ගැලවීමට දැඩි උත්සාහයක නිරතව ඇති අතර, එහිදී ඔහුටද තුවාල වී ඇත.

දෙදෙනා ලේ ගලන තුවාල සහිතව එකිනෙකාට පහරදෙමින් සිටියදී තවදුරටත් එය බලා සිටීමට නොහැකි වූ තැන සැරයන් ඉරෝෂන් ඔහු සතුව තිබුණු රාජකාරි ගිනි අවියෙන් අහසට වෙඩිල්ලක් තබා ගිනි අවියේ බඳින් මෝටර් රථයේ පිටුපස වීදුරුවලට පහරදී බිඳ දමා දොරවල් විවෘත කර එහි සිටි යුවල පිටතට ගෙන තිබේ.

ඒ වනවිට කාන්තාවත් සැකකරුත් කැපුම් තුවාල සහිතව සිට ඇති බැවින් දෙදෙනාව බද්දේගම රෝහලට ඇතුළත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.

අනතුරුව ඔවුන්ව වැඩි දුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට මාරු කර යවා ඇතැයි පොලිසිය සඳහන් කළේය.

ඇඟලුම් කම්හල් සේවිකාව පැහැරගත් මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර, රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පවසනුයේ 23 වියැති රියැදුරු මෙන්ම ඔහුගේ මිතුරා වූ 27 හැවිරිදි සැකකරුද වලස්මුල්ලේ පදිංචිකරුවන් බවයි.

අවුරුදු 30ක් පමණ වන ඇඟලුම් සේවිකාවද වලස්මුල්ලේ මෝදරවානේ පදිංචිකාරික් බව පොලිසිය සඳහන් කළේය.

මේ සිදුවීම සම්බන්ධයෙන් බද්දේගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් සහබන්දු මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙන අතර, එහිදී පෙනී ගොස් ඇත්තේ ඇය මේ සැකකරු සමඟ නැවත එකට ජීවත් නොවීමට එකඟ නොවීම නිසා ඇයව ඝාතනය කිරීමට ඔහු සැලසුම් කරගෙන සිට ඇති බවය.

අධිවේගි මාර්ගය රථවාහන පොලිසියේ බද්දේගම පිවිසුමේ නිලධාරියාගේ තියුණු නිරීක්ෂණයත් බද්දේගම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනාගේ ක්ෂණික ක්‍රියාත්මක වීමත් හේතුවෙන් සිදු වන්නට ගිය බරපතළ අපරාධයක් වැළකී ගියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGallery