දිට්වාගෙන් කැඩුණු මාර්ග 600kmකට ඩොලර් මිලියන 110ක්
Latest Headlines
Sinhala news
Disaster
Cyclone Ditwah
Disaster Aid
By R.rishma
‘දිට්වා’ හේතුවෙන් දැඩි ලෙස හානි වූ මෙරට කිලෝමීටර් 600ක මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ලෝක බැංකුව මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 110ක මුදලක් අනුමත කර තිබෙනවා.
මෙම මූල්‍ය පහසුකම ලැබෙන්නේ ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ අර්බුද ප්‍රතිචාර වැඩසටහන යටතේයි. ‘දිට්වා’ සුළි කුණාටුවෙන් දැඩි ලෙස බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට වෙළෙඳපොළ, පාසල් සහ සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය මාර්ග ප්‍රතිසංස්කරණයට මෙහිදී ප්‍රමුඛතාව හිමිවෙනවා.
මෙම නව මූල්‍ය පහසුකම හරහා දැනට ක්‍රියාත්මක වන Inclusive Connectivity and Development ව්‍යාපෘතිය තවත් වසර 3කින් දීර්ඝ කිරීමට නියමිත අතර, ඒ අනුව එම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සම්බන්ධතා සඳහා ලෝක බැංකුව සිදුකරන සමස්ත ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 610ක් දක්වා ඉහළ යනු ඇති.