මෙට්‍රෝ බස් කුලියට දෙනවාද? සමාගමෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
Bimal Rathnayake
Latest Headlines
Sinhala news
Breaking News
Puwath.lk
By Aylin Zoya
මෙට්‍රෝ බස් රථ පෞද්ගලික කටයුතු සඳහා වෙන්කරවා ගත හැකි බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු සාවද්‍ය බව ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගම මහජනතාව වෙත දැනුම් දෙයි.
එම බස් රථ පෞද්ගලික කටයුතු සඳහා කුලියට ලබාදීම හෝ වෙන්කරවා ගැනීම සඳහා කිසිදු පහසුකමක් සමාගම විසින් සලසා නොමැති බවද එම සමාගම අවධාරණය කරයි.
එබැවින් මෙවැනි සාවද්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, නිවැරදි සහ නිල තොරතුරු ලබාගැනීම සඳහා ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමේ නිල සන්නිවේදන මාධ්‍ය පමණක් අනුගමනය කරන ලෙසද දැනුම් දී තිබේ.