කොළඹ පාරිභෝගික උද්ධමනය සැප්තැම්බර් මාසයේදීත් 8.0%ක

Sri Lanka Inflation Economy of Sri Lanka Latest Headlines Inflation Sinhala news
By R.rishma Sep 30, 2026 11:38 AM GMT
Report

2026 සැප්තැම්බර් මාසය සඳහා කොළඹ නාගරික ප්‍රජාවේ පාරිභෝගික උද්ධමන අනුපාතය 8.0%ක් ලෙස නොවෙනස්ව පැවති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, 2026 අගෝස්තු මාසයේදීද කොළඹ පාරිභෝගික උද්ධමන අනුපාතය 8.0%ක් ලෙස වාර්තා වී තිබූ අතර, සැප්තැම්බර් මාසයේදී එම අගයෙහි වෙනසක් සිදුවී නොමැත.

මේ අතර, 2026 සැප්තැම්බර් මාසයේදී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය 8.7%ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය 2026 අගෝස්තු මාසයේදී 8.5%ක් ලෙස වාර්තා වී තිබූ අතර, ඒ අනුව ආහාර කාණ්ඩයේ උද්ධමනය සැප්තැම්බර් මාසයේදී ඉහළ ගොස් ඇත.

කෙසේ වෙතත්, ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසයේදී 7.7%ක් ලෙස නොවෙනස්ව පැවති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

2026 අගෝස්තු මාසයේදීද ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය 7.7%ක් ලෙස වාර්තා වී තිබිණි.