යටියන්තොට නිවාස පෙලක ගින්නකින් දෙදෙනෙකු මියයයි..

Fire
By Sithumini Jul 03, 2024 05:16 AM GMT
Report


යටියන්තොට වතුයායක  නිවාස පෙලක අද අළුයම 2.00 ට පමණ සිදුවූ ගිණි ගැනීමකින් ලැයිම් කාමර පහක් ගිනිගෙන ඇති අතර එම ලැයිම් කාමරයක සිටි අඹුසැමි යුවලක් මරණයට පත්ව ඇති බව යටියන්තොට පොලිසිය පවසනවා.

මෙම අනතුර සිදුවන මොහොතේ ලැයිම් කාමර වල පිරිස නින්දේ සිට ඇති අතර අනතුරින් මිය ගියේ වයස අවු 60 වන මුක්කන් වීරසිංහම් හා අවු: 50 වන මුත්තයියා ශාන්ති දේවී යන අඹුසැම් යුවලයි.

මෙම අනතුරින් මිය ගිය යුවලට එක් දියණියක් සිටින අතර ඇය විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් වනවා. මෙම ගිණි ගැනීමෙන් ලැයිම් කාමර පහෙන් තුනක් මුළුමනින්ම විනාශ වී තිබෙනවා. අනිත් ලැයිම් කාමර දෙක ප්‍රදේශවාසීන් හා පොලීසිය එක්ව ගින්න නිවා දමා බේරා ගැනීමට සමත්ව ඇති අතර එම නිවාස දෙක අර්ධ වශයෙන් හානි සිදුවී තිබෙනවා.