තිරිඟු පිටි මිල ඉහළ යාමෙන් කෙටි ආහාර මිලත් ඉහළට
Fast Food
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
තිරිඟු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් කෙටි ආහාරවල මිල ද සුළු මුදලකින් හෝ ඉහළ දැමීමට සිදුවන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පවසයි.
දැනටමත් මෙරටට ගෙන්වා තිබූ තිරිඟු පිටි තොග සඳහා ද මිල ඉහළ දැමීම ගැටලුකාරී තත්ත්වයක් ඇති කර තිබෙන බව ඔහු පෙන්වා දෙයි.
මෙම තත්ත්වය හමුවේ ආපනශාලා හිමියන්ට සිය නිෂ්පාදනවල මිල සංශෝධනය කිරීමට සිදුවනු ඇති බව ද ඔහු සඳහන් කරයි.