හෝමුස් සමුද්ර සන්ධිය ගැන ඉරානයෙන් දැඩි තීරණයක්
Iran
World
Latest Headlines
Sinhala news
Strait of Hormuz
By R.rishma
හෝමුස් සමුද්ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා ඉරානය ඉදිරිපත් කර ඇති කොන්දේසි අමෙරිකාව පිළිගන්නා තෙක් එය විවෘත නොකරන බව ඉරානය යළිත් අවධාරණය කර තිබේ.
ඉරාන විදේශ අමාත්ය අබ්බාස් අරග්චි මහතා මේ බව ප්රකාශ කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
එමෙන්ම, ඉරාන නායකත්වයේ තීරණ ගැනීමේ ක්රියාවලිය කෙරෙහි ආගමික විශ්වාසයන් දැඩි බලපෑමක් එල්ල කරන බව ද විදෙස් මාධ්ය සඳහන් කර තිබේ.
මේ අතර, හෝමුස් සමුද්ර සන්ධිය යළි විවෘත කිරීම සම්බන්ධයෙන් ඉරානය සහ අමෙරිකාව අතර සාකච්ඡා පාකිස්තානයේ සහ කටාර් රාජ්යයේ මැදිහත්වීමෙන් අඛණ්ඩව පැවැත්වෙමින් පවතින බව වාර්තා වේ.