අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ අවදානමක්

Sri Lanka Department of Meteorology Weather Latest Headlines Sinhala news
By R.rishma Oct 21, 2026 04:45 AM GMT
Report

ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි සහිත තත්ත්වය ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම කාලගුණ පද්ධතියේ බලපෑම හේතුවෙන් අද (21) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ.

ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ දකුණු පළාත්වල මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් ජනතාවට දැනුම් දෙනු ලැබේ.