යාල සෆාරි යන්න සූදානම්ද? නැවත විවෘත වන දිනය මෙන්න
Heat wave
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ යාල ජාතික උද්‍යානයේ කලාප අංක 1 සහ 2 ලබන 16 වැනිදා සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව, යාල ජාතික උද්‍යානය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට එම කලාප දෙක නැරඹීමේ අවස්ථාව යළි හිමිවනු ඇත.
පැවති දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වන සතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ උද්‍යානයේ මාර්ග පද්ධතියේ අලුත්වැඩියා කටයුතු සිදුකිරීමේ අරමුණින් පසුගිය සැප්තැම්බර් 14 වැනිදා සිට මෙම කලාප දෙක වසා දැමීමට පියවර ගෙන තිබුණි.
මේ අතර, සංචාරකයින් සඳහා උද්‍යානය යළි විවෘත කිරීමත් සමඟ එහි සංචාරක නිවාස සහ කඳවුරු බිම් වෙන්කරවා ගැනීම සඳහා නොවැම්බර් 1 වැනිදා සිට අවස්ථාව ලබාදීමට ද නියමිතව තිබේ.