සෞදි අරාබියේ ගුවන් තොටුපළකට හූති ප්‍රහාරයක් - 12ක් මරුට, 309කට තුවාල

Saudi Arabia Yemen Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Oct 11, 2026 08:23 AM GMT
Report

යේමනයේ හූති කැරලිකරුවන් විසින් සෞදි අරාබියේ අගනුවර වන රියාද්හි ගුවන් තොටුපළකට එල්ල කළ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් 309 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සෞදි සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කර ඇත්තේ මියගිය පිරිස අතර සෞදි ජාතිකයින් සිව්දෙනෙකු සහ බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු සිටින බවයි. එමෙන්ම එක්සත් ජනපදය, ජෝර්දානය, පලස්තීනය, සිරියාව, සුඩානය සහ ඊජිප්තුව යන රටවලින් එක් පුද්ගලයෙකු බැගින් මියගිය පිරිසට අයත් වන බව සඳහන්.

ප්‍රහාරයට ලක්වූ කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම් මේ වන විට අත්හිටුවා ඇති බවද වාර්තා වනවා.

ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් විසින් ගුවන් තොටුපළට එල්ල කළ ප්‍රහාර දෙකකින් ගුවන් නියමුවෙකු ඇතුළු සෞදි ජාතිකයින් තිදෙනෙකු මියගිය බව බලධාරීන් ප්‍රකාශ කර දිනකට පසුව මෙම නව ප්‍රහාරය එල්ල වී තිබීම විශේෂත්වයක්.

මේ අතර, ඔක්තෝබර් 06 සහ 07 යන දිනවල සෞදි අරාබියේ ගුවන් තොටුපළවල් දෙකක් ඉලක්ක කර හූති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.