යාල ජාතික වනෝද්‍යානයේ සතුන් දඬයමේ නිරතවූ දඬයක්කරුවන් කොටු කරගත් මෙහෙයුම..සංවේදී ඡායාරූප සහිතයි(PHOTOS)
යාල ජාතික වනෝද්‍යානයේ නිලධාරීන් පිරිසක් විසින් පසුගියදා සිදු කරනු ලැබූ විශේෂ වැටලීමකදී සතුන් දඬයමේ නිරතවෙමින් සිටි දඬයක්කරුවෙක්, මුව මස් තොගයක් ද සමග අත්අඩංගුවට ගැනුණා.
යාල පනාගම්මන, බන්දු වැව ස්මත්තේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී එක් දඬයක්කරුවෙක් පැන ගොස් තිබෙන බවයි එම වැටලීමට එක් වූ නිලධාරියෙකු අප සමඟ කියා සිටියේ.
අත්අඩංගුවට ගත් දඬයක්කරු සන්තකයේ තිබී ගිණි අවියක්ද නිලධාරීන් විසින් තම භාරයට ගෙන ඇත.
මේ අතර අත්අඩංගුවට ගත් දඬයක්කරුට තිස්ස මහේස්ත්‍රාත් උසාවිය මගින් රුපියල් 50000ක දඬයක් පනවා ඇති අතර,ඔහු විසින් එම දඬ මුදල ගෙවීමෙන් පසු නිදහස් කර තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.
මෙම වැටලීමට යාල ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න හා නියෝජ්‍ය උද්‍යාන භාරකරු කේ.ඩබ්.ඒ නිශාන්ත ප්‍රේමලාල්, අඩවි සහකාර ටී.එම් තිස්ස දේවප්‍රිය ඇතුළු පනාගම්මන බීට්ටු කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එක්ව තිබේ.
මේ අතර එම වැටලීමට එක්වූ නිලධාරියෙකු අප සමඟ වැඩිදුරටත් කියා සිටියේ, යාල ජාතික වනෝද්‍යානයේ දඬයක්කරුවන් විසින් සතුන් දඬයම් කිරීම් ඇතුලු විවිධ ජාවාරම් සිදු කරමින් පවතින බවත්,එම ජාවාරම් වැටලීමට යාමේදී පවා එම නිලධාරීන්ට ඉන්ධ ප්‍රශ්නය ඇතුළු විවිධ බාධාවන් ඇතිවී තිබෙන බවයි.
යාල ජාතික වනෝද්‍යානය අපේ රටේ අතිශය වැදගත් ජාතික සම්පතක් බැවින් එම සම්පත ජාවාරම් කරුවන්ගෙන් රැකගන්නට කටයුතු කරන මෙවන් නිලධාරීන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් වගකිව යුතු ඉහළ බලධාරීන් විසින් සොයා බලා එම ප්‍රශ්න වලට කඩිනම් විසදුමක් ලබාදෙන්නට කටයුතු කරන්නේ නම් ඉතාමත් වටිනා කරුණකි.
එම ප්‍රශ්න වලට කඩිනම් විසදුම් ලබා දුනහොත් එම නිලධාරීන්ට තම රාජකාරී කිසිදු බාධාවකින් තොරව කරගෙන යාමට අස්වැසිල්ලක් වනු නොවනුමානයි.
මීට අදාල ඡායාරූප පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |







