කුකුළු මස් හා බිත්තර මිල ඉහළ යාමේ අවදානමක්
Egg
Latest Headlines
Sinhala news
Puwath.lk
Chicken
By R.rishma
බඩඉරිඟු ආනයනය සඳහා අවසර ලබාදීම ප්‍රමාද වීම හේතුවෙන් ඉදිරි උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර මිල ඉහළ යා හැකි බව සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ, සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය බඩඉරිඟු වෙනුවට සහල් භාවිත කිරීමට සිදුවීම හේතුවෙන් මේ වන විට කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදනය සීග්‍රයෙන් පහළ යමින් පවතින බවයි.
බඩඉරිඟු හිඟය හේතුවෙන් සුළු පරිමාණ කර්මාන්තකරුවන්ගෙන් සියයට 20කට ආසන්න පිරිසක් මේ වන විට කර්මාන්තයෙන් ඉවත් වී ඇති බව ද අජිත් ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.