මෙරට ප්‍රධාන විශ්ව විද්‍යාලයක් නමින් ග්‍රහලෝකයක් නම් කෙරේ...

Planet Gagana news Colombounilanka
By Subodha Mar 29, 2022 11:44 AM GMT
Report

අලුතින් සොයාගන්නා ලද ග්‍රහකයක් කොළඹ විශ්ව විද්‍යාලයේ නමින් නම් කිරීමට ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

කලම්බුනිලංකා —Colombounilanka˜ යනුවෙන් නම් කර ඇති මෙම ග්‍රහකය මුල්වරට සොයාගෙන ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන ආචාර්ය නලින් සමරසිංහ හා ප්‍රකට තාරකා විද්‍යාඥ ටොඩ් ලෝයර්ය.

ඇමරිකා එක්සත් ජනදපයේ ඇරිසෝනා ප්‍රාන්තයේ කිට්පීක් ජාතික නිරීක්ෂණ මධ්‍යස්ථානයේදී ඔවුන් මෙම ග්‍රහකය හඳුනාගෙන ඇත.

අලුතෙන් සොයාගත් ග්‍රහකයක් නම්කිරීම ද දැඩි මාර්ගෝපදේශ යටතේ සිදුවන අතර ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය එම මාර්ගෝපදේශවලට අනුකූලව zzColombounilanka˜ ලෙස නව ග්‍රහකය නම් කර තිබේ.

මෙම ග්‍රහකය නම්කිරීම සඳහා මූලිකත්වය ගත් ආචාර්ය නලින් සමරසිංහ මහතා පැවසුවේ විද්‍යා හා මානවශාස්ත්‍ර අධ්‍යාපනයෙහි ශත සාංවත්සරය ද ඉකුත් දා සැමරූ කොළඹ විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට ඉටුකරන ලද දැවැන්ත මෙහෙවරට ගෞරවයක් වශයෙන් —Colombounilanka˜ ලෙස මෙම ග්‍රහකය නම් කිරීමට තීරණය කළ බවයි.

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තාරකා විද්‍යාඥයකුට තමන් විසින් සොයාගන්නා ලද ග්‍රහකයක් නම්කිරීමට ලැබුණු පළමු අවස්ථාව ලෙස ද මෙය සැලකෙයි.

ලෝකයේ විශ්වවිද්‍යාල වෙනුවෙන් නම් කර ඇති ග්‍රහක ඉතා අඩු බව ද වාර්තා වේ. —Colombounilanka˜ යනු කිලෝමීටර් 1 - 2 අතර ප්‍රමාණයෙන් යුත් සෞරග්‍රහ මණ්ඩලයේ මධ්‍ය කලාපයේ පවතින ග්‍රහකයකි.

මෙම ග්‍රහකය ඉතා තියුණු දූරදර්ශකයක් මගින් නිරීක්ෂණය කළහැකිය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න
join now