අද මැද රැයින් පසු කිරි තේ - ප්ලේන් ටී ගණන් බහී

Sri Lanka Litro Gas Price Latest Headlines Price Sinhala news
By R.rishma Sep 05, 2026 07:57 AM GMT
Report

ගෑස් මිල අඩු කිරීම හේතුවෙන් කිරි තේ කෝප්පයක සහ ප්ලේන් ටී කෝප්පයක මිල රුපියල් 5කින් අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එබැවින් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මක වන බව එම සංගමය සඳහන් කරන බව වාර්තා වේ.

එසේ වුවත් කෙටි ආහාරවල මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව අඳාළ සංගමය වැඩිදුරටත් පවසන බව සඳහන්.